බදු පොලු තැබූ සුරාබදු ආයතනවලට යළි බලපත්‍ර දුන්නැයි නිහඬ විරෝධතාවක්

24

රටේ ජනතාව බදු පිට බදු ගෙවමින් පීඩාවට පත්ව ඇති මොහොතක රුපියල් කෝටි 678ක තරම් අතිවිශාල බදු මුදලක් අයකර ගැනීමට කටයුතු නොකරමින් එම ආයතන වෙතම යළිත් සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ‘මගෙන් රටට’ සංවිධානයේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා පැවසීය.

තවද බදු මුදල් ගෙවීමට ඇති අරක්කු නිෂ්පාදන සමාගම් සඳහා බලපත්‍ර අවලංගු කරන ලෙසත් හිඟ බදු මුදල් ගෙවීමට ඇති අරක්කු නිෂ්පාදන ආයතන වෙත අලුතින් බලපත්‍ර නිකුත් නොකරන ලෙසත් පවසමින් ඊයේ (29 දා) දින ‘මගෙන් රටට’ සංවිධානය සමගින් විවිධ සංවිධාන එකතුව සුරාබදු කොමසාරිද් කාර්යාලය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවක නිරත වූ අයුරු.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment