රුපියල් වියදම්වලට එස් පවර් ඇඹිලිපිටියට ඩොලර් ගෙවලා

191

ඩොලර් සපයා ගැනීමේ අර්බුදයක් තිබියදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පූර්ණ දේශීය සමාගමක් වන ඒස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලදී ගැනීමේ දී රුපියල්වලින් දරනු ලැබූ ඇතැම් වියදම් ඇමරිකානු ඩොලර්වලින් අදාළ සමාගමට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඒ අනුව පරිපාලන වියදම්, ස්ථාවර මෙහෙයුම් හා නඩත්තු වියදම්, විචල්‍ය මෙහෙයුම් සහ නඩත්තු වියදම් ප්‍රාග්ධන ප්‍රතිලාභ හා වියදම් මෙලෙස ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවා ඇත.

ඒ අනුව ඇමරිකානු ඩොලර් සඳහා වැයවන විනිමය අනුපාතය වැඩි වීම නිසා වැඩි මුදලක් මෙකී සමාගමට ගෙවීමට විදුලිබල මණ්ඩලයට සිදු වී තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment