පුංචි ඡන්දය ගැන කොමිසමේ පොදු මතය ජනපති අද ඉල්ලයි

138

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ පොදු මතය අද (09දා) තමා අපේක්‍ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (6දා) යළි අවධාරණය කළේය.

කොමිසමේ සාමාජිකයන් මත හතරක් දරන බවට තමා කළ ප්‍රකාශය කිසිසේත් බැහැර නොකරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි. කොමිසමේ සාමාජිකයන් එක්ව සිටින බවට වාචික ප්‍රකාශ නොව නිල ප්‍රකාශයක් අපේක්‍ෂා කරන බවද ජනාධිපතිවරයා කීය.

මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment