ආයි ගහන්න ආවොත් පොලියත් එක්ක වන්දි ගෙවන්න වෙයි- ඇමැති ප්‍රසන්න රණතුංග

191

මින් ඉදිරියට අපේ පාක්ෂිකයන්ට හිරිහැර කළොත් අනිවාර්යයෙන්ම පොලියත් සමග වන්දි ගෙවීමට සිදුවනවා යැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංක පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලයට පෙරේදා (16 දා) සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේ ද කීය.

පසුගිය වසරේ මැයි 09 වැනිදා අභියෝග ගැටලුවලට මුහුණ දීලා පක්ෂය සාර්ථක කරගන්නෙ කොහොමද කියලා කල්පනා කළා. මගේ පියා වන රෙජී රණතුංග මහතාට ශක්තියක් වුණු සියලු දෙනාම මේ අවස්ථාවට සහභාගි වනවා. 77 දීත් රෙජී මහතාගේ ගේත්

ගිනි තිබ්බා. එතුමාගේ පළමු බලමණ්ඩලයට 13 දෙනයි ආවේ. ඒ වුණත් එතුමා ඉතාම ශක්තිමත්ව දේශපාලන ගමන ආරම්භ කළා.

පසුගිය වසරේ මැයි 09 වැනිදා කුඩුකාරයෝ අරගලය කියාගෙන කරපු අරගලය ඉතාම සැලසුම්සහගතවයි කළේ. ලංකාවේ නිවාස 300ක් ගිනි තිබ්බා. වැඩිම අලාභය කළේ ගම්පහ දිස්ත්‍රික්කයටයි. අපේ ආසනයේ නිවාස 13 ක් ගිනි තිබ්බා.

අරගලයෙන් පසුව මම නැවත මිනුවන්ගොඩට ඇවිත් ගිනි තියපු කාර්යාලය හදාගෙන වැඩ ටික පටන් ගත්තා. ගෙවල් ගිනි තියලා මිනී මරලා අපිව වට්ටන්න බැහැ.

1977 ගෙවල් ගිනි තිබ්බා. 1994 දී විරුද්ධ පාක්ෂිකයන්ගේ ගෙවල් ගිනි තියන්න අපි ඉඩ දුන්නේ නැහැ. හැබැයි මින් ඉදිරියට අපේ පාක්ෂිකයන්ට හිරිහැර කළොත් ඒවාට පොලියත් සමග වන්දි ගෙවන්න වෙයි. අපි දැන් ගේමට බැහැල ඉවරයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment