කල්පැන්න කඳුළු ගෑස් උණ්ඩ 15000 ක් නිෂ්ක්‍රිය කෙරේ

89

කල් ඉකුත් වී තිබූ කඳුළු ගෑස් උණ්ඩ පහළොස්දහසකට අධික ප්‍රමාණයක් 2022 වසරේ දී නිෂ්ක්‍රීය කළ බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් කුමාරසිරි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

කල් ඉකුත් වූ තවත් කඳුළු ගෑස් තොගයක් විනාශ කර දැමීම සඳහා ඇති බවද ඒ මහතා කීය.

උද්ඝෝෂණ හා පෙළපාලිකරුවන් විසුරුවා හැරීම සඳහා කල් ඉකුත්වූ කඳුළු ගෑස් උණ්ඩ භාවිත කරන බවට එල්ල කරන චෝදනා සත්‍ය නොවන බවද ඒ මහතා පැවසීය.

කල් ඉකුත් වන කඳුළු ගෑස් උණ්ඩ වෙන්කර ජනශුන්‍ය ප්‍රදේශවලට ගෙනගොස් ඒවා ආරක්‍ෂිත ක්‍රමවේදවලට යටත්ව විනාශ කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment