නාඩගම්කාරයෝ හාමුදුරුවන්ගේ චරිතය එපා කිව්වා

681


මං රස්සාව කළේ රාජ්‍ය පරිපාලනයේ මේ ගමන පටන් ගත්තේ වේදිකාවෙන්

 මම තරු නළුවෙක් නෙමෙයි ආනන්ද අතුකෝරාළ


 අපි කතාවට කියනවානේ මචං පොර වැඞ්ඩෙක් වුණාට තරුවක් නෙමෙයි කියලා. අද අපේ කථානායකයාත් අන්න ඒ වගේ චරිතයක්. ඔහු සැබෑ දක්‍ෂයෙක්. හැබැයි වැඩිපුර කතාබහ වෙන චරිතයක් නම් නෙමෙයි. මොහුත් කියන්නේ මගේ නම කිව්වත් කට්ටිය වැඩිය අඳුරන්නේ නැහැ කියලයි. නම ආනන්ද අතුකෝරාළ. අද දවසේ ඔහු නාඩගම්කාරයෝ කොළඹ ඉතාලිය, පාර දිගේ, සකල ගුරු, ඉස්කෝලේ යන ටෙලිනාට්‍ය සියල්ලෙන්ම දකින්න ලැබෙනවා. ආනන්ද සම`ග මේ කතාබහ චරිත සියල්ලම ඔබ්බෙන් පිහිටි ඔහුගේ කලා හැකියාවන් ගැනය.



 * ආනන්ද අතුකෝරාළ කියන රංගන ශිල්පියාව මේ දිනවල විවිධ චරිත හරහා නිතර රූපවාහිනියෙන් දකින්න ලැබෙනවා නේද?

 ඔව්. මම මේ දවස්වල නාඩගම්කාරයෝ, කොළඹ ඉතාලිය, පාර දිගේ, සකල ගුරු, ඉස්කෝලේ කියන නාට්‍ය කිහිපයෙන්ම දකින්න ලැබෙනවා. මේ චරිතවලට ලැබෙන ප‍්‍රතිචාරත් ඉහළයි. හැබැයි මොකක්දෝ දෙයක් තිබෙනවා. අපිට තරු ගණයට වැටිලා පාරේ යන්න බැරි තරම් පස්සෙන් ඇවිල්ලා වගේ ප‍්‍රතිචාර ලැබෙන්නේ නැහැ. ඒක එදා ඉඳන් එහෙමයි. ඒක මගේ ලැබීමද දන්නේ නැහැ. බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නේ වඩා හොඳ මැද මාවත එහෙමත් නැතිනම් මධ්‍යම ප‍්‍රතිපදාව කියලනේ. මටත් හිතෙනවා මම මැද මාවතේ නළුවෙක් වෙන්න ඇති කියලා.

 * නමුත් ඔබ නාට්‍ය පහකින් විවිධාකාර චරිතවලින් දකින්න ලැබෙන්නේ. මේවා කොහොමද ඔබ එකිනෙකට වෙනස් කරගන්නේ?

 මම හිතනවා මට එහෙම කුසලතාවයක් තියෙනවා කියලා. මම ඒකාකාරී විදිහට ර`ගපාන්න පටන් ගත්තේ නැහැ. මාව රූපවාහිනියෙන් දකින්න ලැබුණේ ක‍්‍රිෂ්ටි ෂෙල්ටන්ගේ ජීවිත රෝදේ කියන ඒකාංගික කතා මාලාව හරහා. මම ඒකේ චරිත 120 ක විතර ර`ගපෑවා. එතකොට ඔය චරිත එකසිය විස්ස අතරේ නළුවෙක්ට ලැබෙන්න ඕනෑ හැම චරිතයක්ම කරලා තියෙනවා කියලා මට හිතෙනවා. මම පුංචි කාලේ ඉඳලා සමාජයේ හැම තැනම ජීවත් වුණ මනුස්සයෙක්. ඒ හින්ද ගොඩක් චරිත මට ස්පර්ෂ කරන්න ලැබිලා තියෙනවා. අනික මම විශ්වාස කරනවා මගේ දත්ත ගබඩාවේ කොහේ හරි මේ සියලූම දත්ත ටික තියෙනවා. මට චරිතයක් ලැබුණම ඒක ඉබේටම සාර්ථක කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙහෙම චරිතයට හැඩගැසෙන්න වුවමනා නැහැ.

නාඩගම්කාරයෝ හාමුදුරුවන්ගේ චරිතය එපා කිව්වා



 * නාඩගම්කාරයෝ හාමුදුරුවන් ගේ චරිතයට ඔබට ආරාධනා කළා කියන්නේ ඇත්තද?

 ඔව් නාඩගම්කාරයෝ හාමුදුරුවන්ගේ චරිතයට මට මුලින්ම කතා කළා. එක වතාවත් නෙමෙයි දෙතුන් වතාවක් කතා කළා.

 ඒ වෙනකොට මම ටෙලිනාට්‍ය තුන හතරක චරිත ර`ගපානවා. ඒක හින්දා එකපාරට මේ චරිතය භාරගෙන ඒ චරිතවලට අසාධාරණයක් කරන්න බැහැනේ. මොකද මේ චරිතය කරන්න මම කොණ්ඬේ බූගාන්න එපායැ. ඒකට මම කැමැති වුණේ නැහැ. ඊට පස්සේ තමයි රහල් අයියාව මේ චරිතයට ගත්තේ. දෙවනුව මට කතා කරලා කිව්වා පොලිස් චරිතයක් තියෙනවා ඒක කරමුද කියලා. මම මෑතක පොලිස් චරිතයක් කරලත් නැති හින්දා ඒක භාර ගත්තා.

 * නාඩගම්කාරයෝ ලොකු හාමුදුරුවන්ගේ චරිතය අදවෙන කොට හරි ජනප‍්‍රියයි. මේ චරිතය භාර නොගැනීම ගැන දුකක් තියෙනවාද?

 අපොයි එවැනි අවස්ථා ගොඩක් මගේ ජීවිතයේ තියෙනවා. මොකද අපි ප‍්‍රතිපත්තිගරුකව ජීවත්වෙන මිනිස්සු. මම මුලින් පොරොන්දු වුණදේ අතරමග අතහරින්නේ නෑ.. දාලා යන්නේ නැහැ. ඒ හින්දා අහිමි වුණ තැන් ගොඩක් තියෙනවා. ඒ නිසා කිසිම දුකක් නැහැ. ඒ වගේම ලැබුණු අවස්ථාත් එහෙම තියෙනවා.

 * ආනන්ද අතුකෝරළ කියන රංගන ශිල්පියාව අධ්‍යක්‍ෂවරු එකම චරිතයකට කොටු කරලා නැහැ. මේකට විශේෂ හේතුවක් තියෙනවාද?

 ඇත්තටම ඕක තමයි රංග කාර්ය කියන්නේ. ආනන්ද අතුකෝරාල කියන පුද්ගල චරිතයක් තියෙනවානේ. ඉතිං ඒ ඔස්සේ හරි මම ඒ චරිතයට ර`පානවා නම් ඒක ර`ගපෑමක් වෙන්නේ නැහැනේ. මම මගෙන් දුරස්වෙච්ච චරිතයක් ර`ගපානකොට තමයි ඒක ර`ගපෑමක් වෙන්නේ. ඒකාකාරී චරිතවලට කොටුනොවී එහෙම චරිත ලැබෙන එකත් වාසනාවක්. මම වේදිකාවෙත් ඒකාකාරී නැති චරිත ර`ගපාලා තියෙනවා. මම ගොඩක් අදහන නළුවෙක් තමයි කමලාහසන්. ඔහු විවිධ චරිත ර`ගපානවා. මම නම් කියන්නේ ඒක තමයි නළුවා කියන්නේ. ලෝකයේ තියෙන විවිධ චරිත අනුකරණය කරන්න පුළුවන් නම් ඔහු තමයි නළුවා.

 * ඔබව නිතර දකින්න ලැබුණාම මේ ස්වරූපය මාර්කට් චරිතයක් නෙවෙයි කියලත් ප‍්‍රශ්නයක් තියෙනවා නේද?

 ඕකට හොඳ උදාහරණයක් දෙන්නම්. මම ර`ගපෑමට ඇවිත් විවිධ චරිත කරනකොට මම යන්නේ එන්නේ බස් එකේ. මම බස් එකේ පිටි පස්සේම සීට් එකේ වාඩි වෙලා යනකොට මුණගැසුණ අධ්‍යක්‍ෂවරයෙක් මම ඔහුගේ ටෙලි නාට්‍යයක් ර`ගපාලා තියෙනවා. ඔහු මම ර`ගපෑ විවිධ චරිත දැකලා දොස් කිව්වා. මොකක්ද බං උඹ මේ කරන්නේ උඹට ලොකු හානියක් ඕකෙන් වෙන්නේ. මම ඇයි කියලා ්ඒ අධ්‍යක්‍ෂවරයාගෙන් ඇහුවා. අනික නළුවෙක් වුණහම විවිධ දේවල් කරන්න එපායැ කියලත් කිව්වා. නෑ එහෙම නෙමෙයි ඒක රංගන ශෛලියකින් තහවුරු වෙන්න ඕනෑ. ඔහු මට එදා කිව්වා උඹට කවදාවත් ජනප‍්‍රිය නළුවෙක් වෙන්න බෑ කියලා. තරුවක් වෙන්නත් බෑ කියලා කිව්වා. ඒක ඔහුගේ අදහස. මම කිව්වා මට එහෙම වෙන්න ඕනෑ නැහැ කියලා. මට ඕනෑ නළුවෙක් විඳිහට විවිධ කාර්ය කරලා නළුවෙක් විදිහට ජනතාව අතරට යන්න කියලා. මම විශාල තරුවක් විදියට පත් නොවුණ හේතුව තමයි විවිධ විදිහේ චරිත වලින් තමයි මාව දකින්නේ. ඒක හින්දා ගොඩක් වෙලාවට ආනන්ද කියන නම කාටත් සමාජයේ තහවුරු වෙනවා මදි.

නාඩගම්කාරයෝ හාමුදුරුවන්ගේ චරිතය එපා කිව්වා



 * මේක ගැන කනගාටුවක් හෝ දුකක් තියෙනවාද?

 කිසිම කනගකාටුවක් හෝ දුකක් නැහැ. මොකද මම එක පීල්ලක ගියා වගේ නැහැ. ඊට වැඩිය ලොකු සතුටක් තියෙනවා විවිධ චරිත ර`ගපාන්න ගිහිල්ලා වගේම විවිධ චරිත ස්පර්ෂ කරන්න ලැබීම ගැන නව තරුවක් නොවීම ගැන කලකිරීමකුත් නැහැ. මම තරුවක් නොවුණට සමාජයේ පිළිගන්න නළුවෙක් වීම ගැන ආඩම්බරයක් තියෙනවා. ඒ ගැන ගෞරවනීය හැ`ගීමක් තියෙනවා.

 * ඔබට ඒ වගේම විiුත් මුද්‍රිත මාධ්‍ය මගින්ද ඉඩකඩ ලැබෙන්නේ හරි අඩුවෙන් නේද?

 ඇත්තටම අද පත්තරයකට වුණත් ගන්නේ බොහොම ලස්සන රූසපුවක් තියෙන කකුලක් එහෙම එළියේ දාගෙන ඉන්න බියුටි එකක් තියෙන අයවගේ. පත්තරයක වුණත් පබ්ලිසිටි දෙන්නේ වෙන පැත්තකට. අලූත් අය ගෙනැල්ලා ඔවුන්ට ඉඩකඩ දීලා පුම්බලා ගන්නවා. රියැලිටි තරගවලදී වුණත් එහෙමයි. වැරදි දේවල් ගොඩක් වෙනවා. මේ කලාව තුළද යම් අසාධාරණ රැුලි ගොඩනැෙ`ගන තැන් තියෙනවා. අද කාලේ පත්තරයක වුණත් පබ්ලිසිටි දෙන්නේ කසාදයක් එහෙම කඩාගත්තු කලාකරුවෙක්ට. ඒ ඩිවෝස් වෙච්ච එක හරහා මාධ්‍ය පබ්ලිසිටි ගන්නවා. යහපත් ජීවිතයක් ගත කරන කලාකරුවෙක් අගය කරනවාද කියලා බලන්න. ඔන්න ඔය වගේ වැරදි ක‍්‍රමවේදයක් අනුගත වෙලා තියෙනවා.

 * වර්තමානයේ නාලිකාවල විකාශනය වෙන රියැලිටි වැඩසටහනකවත් අපි ඔබව දකින්නේ නැහැ.

 මම කිසිම දෙයක් ප‍්‍රතික්‍ෂේප කරලා නැහැ. මම චරිතවලට කොටු වුණේ නැහැ වගේම සම්මානවලට කොටු වෙලා නැහැ. රූපවාහිනිය තුළ කලාව සියයට සියයක් නැහැ. ඒක වාණිජ මාධ්‍යයක්. මුදල් එක්ක ගනුදෙනු කරන ව්‍යාපාරිකයොත් එක්ක සැරිසරන ගුවන් කාලයක් එක්ක මුදල් මතම රැුඳිච්ච කලා මාධ්‍යයක්. එතකොට රූපවාහිනිය තුළ සිනමා, නාට්‍ය, වේදිකා නාට්‍ය නළුවෙක් විදිහට හැසිරිලා තේරුමක් නැහැ.

 * එතකොට ඔබේ වේදිකාවේ භූමිකාව ගැන කතා කළොත්?

 වේදිකාවෙන් තමයි මේ ගමන පටන් ගත්තේ. ර`ගපෑම පිළිබඳව උණ ඒකාලේ ඉඳලා තිබුණා. ඒ කාලේ ගමේ ගොඬේ කැසට් නාට්‍යවලත් ර`ගපෑවා. නාට්‍ය බලලාම තමයි වේදිකාවට ආදරය කරන්න පටන් ගත්තේ. 1980 පමණ මම ප‍්‍රසිද්ධ වේදිකාවට ගොඩවෙන්නේ. ඒ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයාගේ සොක්කානෝ රජාණෝ වේදිකා නාට්‍ය හරහා. ඒ කාලේ මේ නාට්‍යකට නළු නිළියෝ 35 ක් විතර ර`ගපෑවා.

 මම වේදිකා නාට්‍ය සියයකට අධික ප‍්‍රමාණයක ර`ගපාලා තියෙනවා.

 * එතකොට ටෙලි නාට්‍ය නම් හිතාගන්න බැරි ප‍්‍රමාණයක ර`ගපාලා ඇති නේද?

 ඔව් ටෙලි නාට්‍යවලත් ර`ගපාලා තියෙනවා. ඇත්තම කිව්වොත් මම ර`ගපෑ ටෙලිනාට්‍ය චරිත ගණන මටම මතක නැහැ.

 * ආනන්ද අතුකෝරාළ රංගන ශිල්පියා ර`ගපෑවේ නැත්නම් ඇත්තටම මොනවා කරාවිද?

 ර`ගපෑවේ නැතිනම් මම මොකක් හරි පැත්තකට යොමුවේවි කියලා මට හිතෙනවා. මම පාසල් යන කාලේ සිංදු කිව්වා. චිත‍්‍ර ඇඳීමටත් දක්‍ෂයි. කලාව පැත්තෙන් ඉදිරියට යාවි කියලයි හිතෙන්නේ. මම ඒකාලේ රස්සාවක් කළා. 1980 අවුරුද්දේ තමයි මට රස්සාව හම්බ වෙන්නේ රාජ්‍ය පරිපාලනයේ. මම මුලින්ම පුත්තලම කච්චේරියේ වැඩ කළේ. සතිස්චන්ද්‍ර මහත්මයාගේ නාට්‍යයේ පුහුණුවීම්වලට එන්න අමාරු හින්දා කොළඹට මාරුවීමක් හදාගත්තා.

 රස්සාවේ අවුරුදු දහය සම්පූර්ණ වෙන කොටම අපේ දෙපාර්තමේන්තුව වැහුවා. ඒ වෙනකොටත් මට රස්සාව ඇතිවෙලා තිබුණේ. දෙපාර්තමේන්තුව වහන කොට ඈවර කිරීමේ පදනම මත අපිට කැමති නම් අයින් වෙන්න පුළුවන් පෙන්ෂන් එක හදාගෙන මම අයින් වුණා.

 * එතකොට ඔබ පෙන්ෂන් ගන්න කලාකරුවෙක්

 ඔව් මම අදටත් රජයේ පෙන්ෂන් එකක් ගන්න කලාකරුවෙක්. අන්තිමේ කලාව වෙනුවෙන් පූර්ණකාලීනව කැප වෙන්න මට වාසනාව උදා වුණා.

 * ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත්

 ඒ ගැන විශාල සතුටක් තියෙනවා. මට අද වෙනකොට මගේ ඉලක්කවලට යන්න පුළුවන් වෙලා තියෙනවා.

 * ඔබ කිසිම කලා වැඩකටයුතුවල වගේම කලා සංවිධානයක කැපී පෙනෙන චරිතයක් නෙමෙයි. ස්වාධීනව ඉන්න උත්සාහ කරන කලාකරුවෙක්ද?

 මම ජීවිත කාලයේ අහල දැකලා තියෙන දේවල් හින්දා තමයි එහෙම නිහඬ ප‍්‍රතිපත්තියක ඉන්න උත්සාහ කරන්නේ. අනික තරුණ කාලේ අපි හැම තැනම දිව්වා අනෙක් අය වෙනුවෙන් කතා කළා. සටන් කළා. විවිධ දේවල්වලට සම්බන්ධ වුණාට පස්සේ ඒ දේවල්වල යට තියෙන දේවල් එළිදරව් වෙනකොට හැම තැනම ප‍්‍රයෝජනයක් නෑ වගේ දැනෙනකොට අරමුණු වෙනස් කියලා හිතෙනකොට ඊට පස්සේ කිසි දෙයකට යන්න හිතුණේ නැහැ. දේශපාලකයන්ගේ පස්සේ ගිහිල්ලා මීට වැඩිය දේවල් ගන්න තිබුණා. එහෙම යන්නේ නැහැ. තේරුමක් නැහැ ඒක බොරුවක් කියලා තේරෙනවානේ. කලාව ඇෙ`ග් තියෙන යහපත් කලාකරුවෙක් විදිහට මට ඒ තැන්වලට ගිහිල්ලා ඇන ගහන්න ජැක් ගහන්න වුවමනාවක් නැහැ. ඊට වැඩිය හොඳයි මම දන්න දේ කරගෙන ඉන්න ඒක. අනික බොරු රැුලි පස්සේ යන එක තේරුමක් නැහැ.



 * දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment