නිවස ධනය උනන උල්පතක් කර ගන්න

293

වර්තමානයේ අද අපි මේ ගත කරන කාලය දෙස බැලුවාම කාටත් ආර්ථික වශයෙන් අපහසුතා ඇති කාලයකි. අපගේ එදිනෙදා ජීවිතය සාර්ථකව පීඩනයකින් තොරව ඉදිරියට ගෙන යෑම සඳහා අපිට මිල මුදල් අවශ්‍ය බව අපි කවුරුත් දන්නා කරුණකි. වියදම ඉහළ ගොස් අය සැමතැනක තිබීම තුළින් එදිනෙදා ජීවිතය කටයුතු කළමනාකරණයේදී යම් යම් අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ. සමහර විට ලැබුණ ආදායම් මාර්ග සිඳී ගොස් ඇත. එසේ නොමැති නම් වියදම ඉහළ ගොස් ඇත. වෙළඳාම්, ව්‍යාපාර, රැකියා, අධ්‍යාපන, ආදී කටයුතුවල ගැටලු සහගතභාවයක් ය. සාමාජීය වශයෙන් විවිධ ගැටලුවලට නඩුහබ ආදියට ද විවිධාකාරයෙන් මුහුණ දීමට සිදුව ඇත. කෙසේ වෙතත් ප්‍රශ්න සියයක් ගත් කල ඉන් එක ප්‍රශ්නයකට හෝ ඔබට මුහුණ දීමට සිදුව ඇත. එය ලෞකික දිවියේ සාමාන්‍ය දෙයකි. ඕනෑම ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමේදී අපට මූලික අවශ්‍යතාවයක් වන්නේ මුදල්ය. මූල්‍යම හිඟතාවය මත ඇතිවන ගැටලු ප්‍රශ්න දෙගුණ තෙගුණ වන බව අපි දනිමු. එවිට ඔබට පෙනෙන ලෝකයෙන් විසඳුම් නොලැබෙන විට අපේ හිත නොපෙනෙන ලෝකයට ඉබේ ඇදී යෑම සාමාන්‍ය දෙයකි. එවැනි අවස්ථාවන්වල කබලෙන් ලිපට වැටෙන අවස්ථා ද එමටය. කෙසේ හෝ සර්ව සාධාරණ ක්‍රමය තුළින් ඔබගේ මූල්‍ය අවශ්‍යතාවලට පිළිතුරු සපයා ගත යුතුය. අපි සසර ගමන සංසාරය ගැන විශ්වාස කරමු. සසර දිගයි භයංකාරයි යන්නට ද අපි දනිමු. අපි මේ දීර්ඝ සංසාරය තුළ ඕන තරම් පින් කර ඇත. අපට යම් ගැටලු මතු වන්නේ අපි සසරේ කර තිබූ පව් ඉස්මතු වීමෙන්ය. එවැනි අවස්ථාවල දී අපි අපේ පව් යටපත් කර පින් ඉස්මතු කර ගැනීම හොඳම ක්‍රමවේදය වේ. අපි ඊළඟට සිතිය යුත්තේ පින මතු කර ගන්නේ කොහොමද යන්නයි. පින මතු කර ගත හැක්කේ පිනෙන්ම පමණයි. නිතර පින් කරන තැනැත්තෙකුගේ සසර පව් යම් දුරට යටපත් වී පින මතු වී ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලැබේ. ඒ දාන, සීල, භාවනා, කටයුතුවලට අමතරව මහා බ්‍රහ්මයා ප්‍රමුඛ දේව සමූහයට කරන පූජා විධිත් පුරාණයේ අනුගමනය කර ඇති බව කියැ වේ. ඒ විලේ පිපෙන මල්, වැල්වල පිපෙන මල්, ගස්වල පිපෙන මල්, විලඳ, මී පැණි, ගිතෙල් ආදිය දෙවියන්ට පූජා කොට ආරක්ෂාව ලබා ගැනීමේ ක්‍රම ද ඇත. ඊට අමතරව වර්තමානයේ කාර්යබහුල ඔබට තවත් විශේෂ ක්‍රමයක් මම කියා දෙන්නම්. මෙය අත්දුටු විශේෂ ක්‍රමවේදයකි. නිවසට ශ්‍රියාව, ධනය, වස්තුව ගෙන සාමය, සමගිය, කායික, මානසික, ශක්තිය ඇති කරවන මහා බලගතු මහා තෙද ඇති අත්දුටු නිසැක ප්‍රතිඵල ගෙන දෙන මෙකී නොකී කාරණා 108ක් සඳහා සත්‍ය ප්‍රතිඵල ගෙන දෙන ශ්‍රී කාන්තා දිෂ්ටියයි. මහිඵල ගැනීම සඳහා සියලු පූජා විදි සමග ශාස්ත්‍රීය නීති රීති අනුගමනය කරමින් බල පිහිටන ආකාරයෙන් ඉතා පිරිසිදු රන් තැඹිලි බඳුනක් යහනේ තබා දුම් දී නැකැත් බලා පුර පක්ෂයේ කෙම්මුර දිනයක පහත දිෂ්ටියෙන් දස දහස්වර දිෂ්ටි කර ගන්න. එවිට සිද්ධිය ලැබේ. එම තෙල් භාවිතා කොට ගෙදර පහන් දැල් වීමෙන් ගෙදර ශ්‍රියාව දියාව ලෝකය තරම් ආලෝකවත් වේ. ධන ධාන්‍ය උතුරයි, වෙළඳාම්, ව්‍යාපාර දියුණුවෙයි. ඉගෙනීම රැකියා උසස් වේ. සතුරන්ට, නඩුහබවලට ශරීර පුෂ්ටියට ශ්‍රී වැඩීමට සර්ව ජන ආකර්ෂණයට වැනි කාරණා 108ක් සඳහා සත්තයි. ඔබත් මෙවැනි ගුප්තමය බලයක් තුළින් ජීවිතය ජය ගැනීමට සිතනවා නම් මෙයම ඔබට ඇති.

ශ්‍රී කාන්තා දිෂ්ටිය

ඕං ප්‍රාණ විරාක්ෂණි අම්මේ වාවා
කවිරාජ දේවි අම්මේ වාවා
අං ගං මෝහිණි වීර භද්‍රකාලි
අම්මේ වාවා ඕං සර්ව පිල්ලි
නාරායන ස්වාමි දේව දිෂ්ටි

ශ්‍රියා කාන්තාවි අම්මේ මා දෙස බලා
එං එය ස්වාමි දේවි සරස්වති අම්මේ
දිෂ්ටි වා වා රතිකාට දිෂ්ටි මෝහිණි
ශ්‍රියා කාන්තාවි අම්මේ වා වා
ශර පත්‍ර සාලි ලෝක පාල මහා රාම
එං එං දිෂ්ටි සරස්වති දේවි අම්මේ
ශ්‍රි කාන්තා දේවි සිලම්බරි අම්මේ
වා වා අත්තු පාල මහිපාල ශ්‍රි දේවි නාරායන
ස්වාමි එං එං මෝහිණි සර්ව යක්ෂ යක්ෂණි
ශ්‍රී දේවි සලිත සලිත ස්වස්ති ගතාපති මෝහිණි
ශ්‍රියා දේවි සලිත සලිත ගිණි ගිණි නිඩ වෙට්ටු වෙට්ටු
සලිත දේවි ආරූඪ ශ්‍රී දේවි ස්වාහ:

මෙම පෘථිවි පෘෂ්ඨය අට දිශාවෙන්ම විෂ්ණු ශක්තිය තමා වෙත ළඟා කර ගැනීමේ මහා බලගතු විශ්ව ආකර්ෂණයයි. මෙම ශ්‍රී කාන්තා දිෂ්ටියෙන් සර්ව ගැටලු ප්‍රශ්න සඳහා මහා බලගතු මන්ත්‍රයකි මෙය. මෙය භාවිතා කිරීමෙන් ඔබගේ යටිහිත අවදි වී සියලු ජයග්‍රහණ ලැබෙනවාමයි.

නිවස ධනය උනන උල්පතක් කර ගන්න

පාරම්පරික ජ්‍යොතිෂ්‍ය හා ගුප්තවිද්‍යාවේදී
කේ.එස්.එස්. යෝදීන්ගේ
දු.ක.- 077 – 2974392

advertistmentadvertistment
advertistmentadvertistment