මීළඟ දශක දෙකත් රට පාලනය කරන්නේ පොහොට්ටුවයි – මහාචාර්ය රංජිත් බණ්ඩාර

132

ඉදිරි දශක දෙකේදීත් මේ රට පාලනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පොරමුණු ආණ්ඩුවක් විසින් යැයි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. මහාචාර්යවරයා එසේ සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

ඔහු මෙසේ ද කීවේය.

අපිට සිද්ධ වූවා අළු මතින් නැගිටින්න. අපි පළමුවෙන්ම රටේ ආර්ථික, සමාජීය ප්‍රශ්න විසඳීම සඳහා රට ප්‍රජාතත්ත්‍රවාදය වෙත යොමු කළා. එහි ගෞරවය යන්න ඔනි අහවලාට කියලා කියනවා නම් ඒක වැරදියි. මහජනයා අපිට පැවරූ වගකීම තමයි අපි එම අවස්ථාවේ දී ඉටු කළේ.

ආර්ථික විද්‍යවේ දී කෘත්‍යාධිකාරී යන වචනය යොදන්නේ කුඩා කණ්ඩායම් හැඳින්වීම සඳහායි. ඒ වගේ දේශපාලන කුඩා කණ්ඩායමුත් එකතු වෙලා එකම ප්‍රවෘත්තිය තැන් කිහිපයක පළ කරනවා. ඔවුන්ට තිබෙන ඉඩ අපි මැයි දිනයේ දී නැති කරලා දැම්මා. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොදුජන පොරමුණ සුනාමියක් ලෙස කටයුතු කළා. ඉදිරි දශක දෙක තුළදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රට පාලනය කරනවා.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment