මහ බැංකු පනත ගැන දෙවැනි වර විවාදය 11 වැනිදා

51

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ලබන 11 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පසුගිය 28 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව මැයි 9 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.

මැයි 11 වැනිදා බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment