ඒකක 90 ට අඩු විදුලි පාරිභෝගිකයන්ට වැඩි වාසියක්

135

බිල අඩු කරන යෝජනා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේදී ඒකක 90 දක්වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ට වැඩි වාසියක් හිමිවන බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කරයි.

විදුලි බිල අඩු කිරීම සම්බන්ධ යෝජනා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට ඊයේ (12 දා) ලබාදීමට පියවරගත් බවත්, විදුලි බිල හරහා ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට උත්සාහ කරන බවත් ඒ මහතා කීවේය.

විදුලිබල මණ්ඩලයට විදුලිය උත්පාදනය මගින් ලාභ තියාගන්න බැහැ. කළ හැක්කේ විදුලිය උත්පාදනය සඳහා වැයවන මුදල අයකර ගැනීම පමණයි. එනිසා ඒකක 0-30, 0-60 සහ 0-90 අතර සිටින අඩු මට්ටමේ පාරිභෝගික ජනතාවට වැඩි වාසි සැලසෙන අයුරින් විදුලි ගාස්තු අඩු කිරීමට අවධානය යොමුකර තිබෙනවා යැයිද නොයෙල් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment