තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට!

126

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඉදිරියේදී දැඩි විමසිලිමත්ව මේ සඳහා පියවර ගන්නා බව ද මෙසේ ආනයන සීම ලිහිල් කිරීම රේගුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වනු ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා කියයි.

මේ වසරේ (2023) පළමු මාස තුනේදී රේගුවේ ආදායම අපේක්‍ෂිත ආදායමට වඩා සියයට 12 ක අඩුවක් තිබෙන බවත්, මෙයට ප්‍රධාන හේතුව භාණ්ඩ ආනයන සීමා පනවා තිබීම බවත් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය පවසයි.

විශේෂයෙන් ම මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ලබාදෙන නිර්දේශ මත මේ ආනයන සීමා ලිහිල් කිරීමේ තීරණ ගන්නා බව ද මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා තවදුරටත් පවසයි.

ශ්‍රී ලංකා රේගුවේදී ඊයේ (18 දා) සවස පැවැති රේගුවේ ආදායම් ඉලක්ක පිළිබඳ සමාලෝචන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය අමතමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment