ජනවරමක් නැති ආණ්ඩුවට සජබ කිසිසේත් එක්වීමක් නෑ

60

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුවේ මැති ඇමැතිකම් ලබා ගැනීම සඳහා සමගි ජන බලවේගය ආණ්ඩුව සමඟ සාකච්ඡා කළ බවට ව්‍යාජ ප්‍රවෘත්ති මවාපාමින් සිටින බවත් ජනවරමක් නැති ජනතාව ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුවට සජබ එක් නොවන බව විපක්ෂ නායක හා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

එවැනි ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස ද හිට්ලර් විසින් ගොබල්ස් උපයෝගි කරගෙන කළ පරිදි වත්මන් රජයද එවැනි බොරු ප්‍රචාර ජනගත කිරීමට ක්‍රියා කරන බවට තමාට හැඟී යන බව ද ප්‍රේමදාස මහතා පවසයි.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment