අධික රස්නයට දරුවන්ට වැඩිපුර වතුර දෙන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

76

පවතින අධික රස්නයත් සමග පාසල් යන දරුවාට අඩුම වශයෙන් වතුර බෝතල් 2ක් වත් දීලා යැවීම ඉතා සුදුසු යැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛi දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට පැවසීය.

දරුවන් මේ දිනවල වැඩි වැඩියෙන් ජලය, තැඹිලි, පලතුරු යුෂ, ජීවනී වැනි දේ පානය කිරීම ඉතා වැදගත් බවද හෙතෙම කියා සිටියේය.

පාසල් යන දරුවා හට ජලය වැඩි වැඩියෙන් පානය කරන ලෙසට දැනුවත් කර පාසල් යවන ලෙස හේ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

ජලය වැඩි වැඩියෙන් පානය නොකළ හොත් දරුවන් විජලනය වන්නට පුළුවන්. ඒ තුළින් දරුවන් රෝගාතුරවන්නට පුළුවන්. ඒ නිසා මේ දින කීපය තුළ දරුවන්ට වැඩි වැඩියෙන් ජලය බොන්න දෙන්න.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment