අනුරපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂක අංශයෙන් සැරට ගෙරවිලි

49

රෝගීහු බියෙන් ඇළලෙති

රෝහල් බලධාරීන් මුනිවත රකින බවට චෝදනා

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් එම රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ඔවුන් අපහසුතාවයට පත්වෙන ආකාරයෙන් බැන වදින බව රෝගීහු පවසති.

අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනපතා විශාල පිරිසක් එම රෝහලට පැමිණෙන අතර එම පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා රෝගීන් රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඒමට මැලිකමක් දක්වන බව පෙනීයයි. වසර කිහිපයක් එකම ස්ථානයේ සේවය කරන මෙම පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් වැඩි පිරිසක් නිසි අධ්‍යපනයක් හදාරා නොමැති පුද්ගලයින් වන අතර මේනිසා ඔවුන් රෝගීන් පිළිබඳ කිසිඳු තැකීමක් සිදු නොකරන බව රෝගීහු පවසති. මෙම ආරක්ෂක නිලධාරීන් නිතර නිතර රෝගීන් සමග ආරවුල් ඇති කර ගන්නා අතර මේ පිළිබඳ එම රෝගීන් රෝහල් බලධාරීන්ට පැවසුවත් මේ වන තෙක් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව එම රෝගීහු පවසති. වසර ගණනාවක් එකම ස්ථානයේ සේවය කරන මෙම පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ඉවත්කර ඒ වෙනුවට වෙනත් පෞද්ගලික ආරක්ෂක ආයතනයක් සහ නිසි අධ්‍යාපනයක් ඇති නව නිලධාරීන් පිරිසක් බදවා ගැනීමට කටයුතු කරන මෙන් රෝගීහු රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ගලෙන්බිදුණුවැව – ජයන්ත වාසුල

advertistmentadvertistment
advertistmentadvertistment