දිවයින ආර්ථික කර්තෘ ශ්‍යාම් නුවන් ගනේවත්තගේ පියා අභාවප්‍රාප්තවේ

140

‘දිවයින’ පුවත්පතේ මූල්‍ය හා ආර්ථික කර්තෘ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතාගේ පියාණන් වූ ගාල්ල පෝද්දල ව්‍යාපාරිකයකු හා සමාජ සේවකයකු වූ විජේපාල ගනේවත්ත මහතා අභාවප්‍රාප්ත විය.

ශ්‍යාම් නුවන් හා ව්‍යාපාරික මෙවන් ගනේවත්ත, ගෘහ නිර්මාණ ශිල්පී ශෂි ගනේවත්ත යන දරුවන්ගේ පියාණන් වූ විජේපාල මහතා දිවංගත ඈන් මාලි පෙරේරා මහත්මියගේ ස්වාමිපුරුෂයා ද විය. ලක්‍ෂි නිම්රේඛා සහ තනුජා ලසන්ති යාපා යන අයගේ මාමණ්ඩිය ද වූ ඔහු මියයන විට 79 වැනි වියේ පසුවිය.

ඒ මහතාගේ දේහය පෝද්දල, අදුරන්විල ‘විජය’ නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු හෙට (20 දා) සෙනසුරාදා සවස 4.00ට බද්දේගම ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment