අද අවුරුදු උදාවන අයුරු

510

ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද පස්වරු 2.59ට අවුරුදු උදාවේ. පුණ්‍ය කාලය අද උදෑසන 8.35 සිට රාත්‍රී 9.23 දක්වා යෙදී ඇති බව අවුරුදු නැකත් පත්‍රයේ සඳහන්ව ඇත. එබැවින් අද පෙරවරු 8.35ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සම්ප්‍රදායානුකූල චාරිත්‍රයයි.ආහාර පිසීමේ නැකත පස්වරු 3.29ට යෙදී ඇත. ඒ සදහා විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක්ද තල සහ විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කිරීම මැනවැයි ද මෙවර අවුරුදු නැකත් පත්‍රයේ දක්වා තිබේ.වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය පස්වරු 5.05ට යෙදී ඇත. හිසතෙල් ගෑමේ නැකත 16 වැනිදා ඉරිදා පෙරවරු 9.41ට යෙදී තිබේ. මෙම නැකත් අනුව කටයුතු කරන ඔබ සැමට සාමය සතුට පිරි නව වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරමු .

advertistmentadvertistment
advertistmentadvertistment