නිධන් හාරපු අයට බිහිසුණු අත්දැකීමක්

1578


බෙලිහුල්ඔය නන්පේරියල්වත්ත ආසන්නයේ රත්තනගොල්ල රජයේ වන රක්ෂිතයේ නිධන් හැරීමේ යෙදුනු පුද්ගලයින් 17 දෙනෙකු සමනල වැව පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇත.

සැලසුම් සහගතව වනයට ඇතුල් වී කූඩාරම් ගසා නතර වී ගල් පිපිරවීමට බෝරා ගසා ඇති අතර මේ සඳහා උපයෝගී කරගත් ආයුධ හා මෙවලම් රැසක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පඹහින්න, වැලිගෙපොල, කල්තොට යන ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් ඊයේ (28) බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිත විණ.

advertistmentadvertistment
advertistmentadvertistment