විසුරවූ පළාත් පාලන ආයතන යළි සක්‍රිය කරයි

2317


විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලය පළාත් පාලන අමාත්‍යවරයා වෙත පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇත.

2023-06-27 දිනැතිව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් පාළාත් පාලන ආයතනයන්හී දීර්ඝ කරන ලද කාලය ඉක්මවා ඇති අවස්ථාවකදීල තවත් යම් කාල සීමාවක් සඳහා එම පළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂය බාර ඇමතිවරයාට බලය හිමිවේ.

ඒ අනුව විසුරව හැර ඈති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට හැකියාව ලැබෙනා අතර, පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක දී රටේ ඇතිවී ඇති යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකිවුවහොත් ක්‍රියාත්මක කළ හැකි පරිදි ගැසට් නිවේදනය මගින් පළාත් පාළන ආයතන යළි කැඳවීමේ බලය අමාත්‍යවරයාට ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment