කසාදයට අවසර ගන්න ඇය දින 03ක් හනිමූන් ගිහින්

12153


තරුණියක් තම නව පෙම්වතා සමග විවාහවෙන්න මාසයක් තිබියදී පරණ පෙම්වතාගෙන් විවාහයට අවසර ගන්න ගිය 23 හැවිරිදි තරුණිය දින 03ක් ගත කළ පුවතක් බුලත්සිංහලින් වාර්තා වේ. 24 හැවිරිදි පරණ පෙම්වතා සමග ඉදලා.

තම දියණිය අතුරු දහන්ව ඇති බවට මෙම තරුණියගේ මව ඉකුත්දා බුලත්සිංහල පොලිසියට කළ පැමිණිල්ලට අනුව මෙම තොරතුරු සෙවීමේ දී සියල්ල හෙළි වූ බව බුලත්සිංහල පොලිසිය පවසයි.

බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය බුලත්සිංහල ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු සමග කලක සිට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.
කළක් ගතවෙද්දී එම සම්බන්ධතාව මගහැරි ගොස් ඇති අතර තරුණිය වෙනත් ප්‍රදේශයක පදිංචි 27 හැවිරිදි තරුණයෙකු සමග යලි ප්‍රේම සම්බන්ධයක් පවත්වා එයට දෙපාර්ශවයෙන්ම ආශිර්වාදය ලැබී ඇති නිසා ලබන මාසයේදී ඔවුන් විවාහ වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී හදිසියේ තරුණිය නිවසින් අතුරුදහන්ව තිබේ.

තම දියණියගේ ⁣අතුරුදහන්වීම පිළිබඳව ඇයගේ මව බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට දින තුනකට පසුව තරුණිය නැවත නිවසට පැමිණ ඇතැයි පොලිසිය පැවසීය.

මවගේ පැමිණිල්ලට අනුව බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතා විසින් තරුණිය පොලිසියට කැඳවා කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය තම විවාහයට අවසර ගැනීමට සිය පරණ පෙම්වතා හමුවන්නට ගිය බවත් දින තුනකට පසුව යලි නිවසට ආ බවය.
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පැරණි පෙම්වතාත් විවාහ ගිවිස ගැනීමට දින නියම කර සිටි නව පෙම්වතා ඇතුළු සියලුමදෙනා පොලිසියට කැඳවා මේ පිළිබඳව කළ දීර්ඝ විමර්ශනයයෙන් අනතුරුව නව පෙම්වතා තරුණිය භාර ගැනීමට කැමැත්ත ප්‍රකාශකිරීම නිසා සිද්ධිය සමතයකට පත් කිරීමට හැකිවූ බව පොලිසිය වැඩිදුර පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment