අභියෝග හමුවේ රට හැර යනවාද?

203

බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යෑමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බවත්, අභියෝග හමුවේ රට හැරයනවාද නැද්ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි වසර පහේදී ලෝකයේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්‍ෂණය කිරීමේදී පෙනී යන බව සඳහන් කළ ජනාධිපතිවරයා සංවර්ධිත රටවල් පවා ඉදිරියේදී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බව ද කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (4 දා) පැවති ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.

ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් 246 දෙනෙක් මෙහිදී උපාධිය ලබා ගත්හ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment