පොලී අනුපාත 1%කින් පහළට

130

මහ බැංකුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත සියයට 1 කින් (පදනම් අංක 100 කින්) අඩුකර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මේ තීරණය ගෙන ඇත.

මේ අනුව මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාත දෙක වන නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතය සියයට 10 දක්වා සියයට 01 කින් සහ මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 11 දක්වා සියයට 01 කින්ද අඩුකර ඇතැයි මහ බැංකුව පවසයි.

නව මහ බැංකු පනත යටතේ ස්ථාපිත කළ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් පළමු මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඉකුත් ඔක්තෝබර් 04 දින සිදුකර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment