ගී ලොව යළි කැළඹූ ටේලර්

93

ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන 2024 ග්‍රැමී සම්මාන උළෙල වෙනුවෙන් ටේලර් ස්විෆ්ට් හත්වැනි වරටත් හොඳම ගීතය සඳහා නිර්දේශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය ගායනා කළ ඇන්ටි හීරෝ ගීතය මෙලෙස ග්‍රැමී සම්මාන උළෙලේ හොඳම ගීතය ලෙස නිර්දේශ වී ඇත. මෙම නිර්දේශවීමත් සමගම සම්මාන උළෙලකදී වැඩිම වාර ගණනක් නිර්දේශ වූ ගායිකාව බවට ටේලර් ස්විෆ්ට් පත්වී තිබේ.

මීට පෙර හය වතාවක් මෙම වාර්තාව තැබූ ශ්‍රීමත් පෝල් මැකාට්නි සහ ලයනලප් රීච්ගේ වාර්තාව ද ඇය විසින් අභිබවා තිබීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment