ප්‍රතිව්‍යුහකරණය රාජ්‍ය බැංකුවලට අදාළ නැහැ – මහ බැංකු අධිපති සහතික වෙයි

143

ලංකා බැංකුව සහ මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණ වැඩපිළිවෙළට අයත් නොවන බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (05දා) මහ බැංකු මූලස්ථානයේදී පැවසීය.

මෙම ආයතන මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුගතකරණ වැඩසටහනට අයත් නොවන බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

මේ අතර පෙරේදා (04දා) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයේ ජනමාධ්‍ය වැඩමුළුවකදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ලබාදුන් ලේඛනයක සඳහන් වූ පරිදි සමාගම් පනත යටතේ ලියාපදිංචිකර, හෝල්ඩින් සමාගමක් යටතට පත්කරන 31 ක්වූ රාජ්‍ය ව්‍යාපාර යටතට ලංකා බැකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු ප්‍රධාන රාජ්‍ය බැංකු ද අයත්ව තිබීම විශේෂත්වයකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment