ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය හෙට සහ අනිද්දා

214

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය අතර වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ‘සුලෝහිත සංග්‍රාමය’ ක්‍රිකට් මහා තරගයේ 93 වැන්න සෙනසුරාදා සහ ඉරිදා (04 සහ 05) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

මෙවර මහා තරගයේදී ආනන්දීය කණ්ඩායම මෙහෙය වීමේ වරම 03 වැනි වසරේ අත්දැකීම් සපිරි නෙත්මා සමරවීර වෙත පැවරී ඇති අතර නාලන්දීය කණ්ඩායම 04 වැනි වසරේ වර්ණලාභියකු වන චනුල් අතුකෝරල විසින් මෙහෙයවනු ලබයි.

මෙවර තරග වාරයේ ආනන්ද විදුහල තරග 15 කට ක්‍රීඩා කළ අතර ඔවුන් ජයගත් සංඛ්‍යාව 03 කි. නාලන්ද විදුහල මෙවර තරග වාරයේ දී තරග 15 කට ක්‍රීඩා කළ අතර ජය ගත් සංඛ්‍යාව 02 කි.

ආනන්ද විද්‍යාලයීය සංචිතය

අසුන් ගෙන වම් පස සිට සංජය දේවපුර (සහාය පුහුණුකරු), සමන් හෙට්ටිආරච්චි (ක්‍රිකට් භාර ආචාර්ය) ආර්.ඒ.ඒ. රණසිංහ (ක්‍රීඩා පරිපාලක), සුගීත් මධුරංග (නියෝජ්‍ය විදුහල්පති), නෙත්මා සමරවීර (නායක), ලාල් දිසානායක (විදුහල්පති), ඉරුත් ගිම්ෂාන් (උප නායක), රන්දික පෙරේරා (නියෝජ්‍ය විදුහල්පති), වසන්ත ඉන්දික (සහකාර ක්‍රිකට් භාර ආචාර්ය), ජනුදික ශ්‍රියපාල (ප්‍රධාන පුහුණුකරු), ඉසුරු වීරසූරිය.

දෙවන පෙළ වම් පස සිට..

විදුන විජේබණ්ඩාර, පවන් රාජපක්ෂ, කවීෂ මෙන්ඩිස්, අයේෂ් ශෂිමාල්, විලාෂ් කරුණාරත්න, කෙනුල් ද සොයිසා, යසඳු කිරිඇල්ල, කාංචන ද ලිවේරා, මලීෂ පෙරේරා, සචින් ජයසිංහ, නෙතුල එදිරිමාන්න, කිත්ම සිත්මල්, ආශීංෂ නෙයිනක.

තෙවන පෙළ වම් පස සිට…

මිහින් මුණසිංහ, සනිතු හෙට්ටිආරච්චි, පුලිඳු කිරිඇල්ල, යෙහාන් ගුණසිංහ, රුවිෂාන් පෙරේරා, තිසුක සේහස්, දිනද අතලගේ

නාලන්දා විද්‍යාලීය සංචිතය : පසු පෙළ වම් පස සිට

ඔසඳ පමුදිත, තිසර දෙව්දුනු, කුෂ්මිත සිල්වා, යසිරු සමරකෝන්, සදෙව් සමරසිංහ, රිසත් ජයරත්න, සෙනේෂ් විජේසිංහ, ආකේෂ් මනෝරත්න, එරංග ජයකොඩි, මිනෝද් කල්දේරා, ජනුල ඉඳුසර, තිමත් හේරත්, සත්මිණ සේරසිංහ.

අසුන් ගෙන වම් පස සිට.. මාලිංග සුරප්පුලිගේ මහතා (පුහුණුකරු), රුසිරු විලෝචන, එම්.එම්.ජේ. මාරසිංහ මහතා (ක්‍රීඩා පරිපාලක), සජිත විතානගේ (උප නායක), තිලක් වත්තුහේවා මහතා (විදුහල්පති), චනුල් අතුකෝරාල (නායක), එස්.ඩබ්ලිව්.එන්.එස්. කුමාරිහාමි මිය (නියෝජ්‍ය විදුහල්පතිනි), කපිල නන්ද කුමාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), රුවන් දිසානායක මහතා (සහාය පුහුණුකරු)

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment