රෝහල් පද්ධතියේ සිලින්ජර් හිඟයක්

97

ඖෂධ එන්නත් කිරීම්, රුධිර පරීක්‍ෂාවන් ඇතුළු රෝගී සත්කාරක සේවාවන් රැසකට අවශ්‍ය සිරින්ජර වර්ග රැසක දැඩි හිඟයක් රෝහල් පද්ධතියේ පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

මිලි ලීටර් 10 සහ මිලි ලීටර් 20ට අදාළ සිරින්ජර් කිසිවක් වෛද්‍ය සැපයුම් අංශයේ ද නොමැති බවත් මිලි ලීටර් 5 ප්‍රමාණයේ සිරින්ජර් කුඩා ප්‍රමාණයක් පමණක් ඇතත් එම තොගය මිලි. 10 සහ මිලි. 20 සිරින්ජර අවශ්‍යතාවන් වෙනුවෙන් භාවිත කිරීම නිසා ඉදිරි මාසයේ දී අවසන් වීමට නියමිත බවත් එම සංගමය කියයි.

අනුමත කළ සිරින්ජර ටෙන්ඩයකට අදාළ සිරින්ජර තත්ත්වයෙන් බාලවීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය විසින් එය අත්හිටුවීමෙන් හිඟ සිරින්ජර නැවත ලබාගැනීම ද විශාල ප්‍රමාදයක්ව පවතින බවත් ඇතැම් සිරින්ජර තුළ ජල වාෂ්ප ඇතුළු විවිධ තෙල් වර්ග තිබීම පිළිබඳව ද පැමිණිලි රැසක් ලැබීම හේතුවෙන් එම ටෙන්ඩරය තහනම් කිරීමට පියවර ගත් බවට තොරතුරු වාර්තාවී ඇති බවත් එම සංගමය සඳහන් කරයි.

කෙසේ නමුත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයා ප්‍රශ්න ගත හොර ඉමියුනෝග්ලොබින් ගනුදෙනුවට අදාළව බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් ඇතිවූ බිය මූලික කර ගනිමින් ඇතැම් සෞඛ්‍ය බලධාරීන් තීරණ ගැනීම මඟ හැර සිටින බවත් ඒ හේතුවෙන් මෙම ගැටලු විසඳීම ද විශාල ලෙස ප්‍රමාද වෙන හෝ ප්‍රමාද කරවන තත්ත්වයක් මතුවිය හැකි බවත් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment