ළමයින් අතර වෛරස් රෝග – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

319

කොවිඩ් හැදුණු දරුවන් 4 දෙනකුත් හමුවෙලා

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ළමුන් අතර වෛරස් රෝග කීපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) සඳහන් කළේය.

ළමා හතිය, වෛරස් උණ රෝග, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, පාචනය සහ ඩෙංගු උණ රෝගය වැළඳුණු දරුවන් රෝහල් ගතවීම ඉකුත් සතියේ සිට ඉහළ ගොස් ඇතැයි ද වෛද්‍යවරයා පැවසීය.

එසේම ළමුන් අතර කොවිඩ් රෝග තත්ත්වය ද නැවත වාර්තාවී ඇති බවත් පසුගිය සතියේ කොවිඩ් වැළඳුණු දරුවන් හතර දෙනකු හමුවී ඇති බව සඳහන් කළ වෛද්‍යවරයා මීට අමතරව අත්, පා, මුඛ රෝග ව්‍යාප්ත වීමක් සහ ඇස් රෝග පැතිර යෑමක් ද දරුවන් අතර දක්නට ලැබෙන බවද කියා සිටියේය.

කෙසේ වෙතත් වෛරස් රෝග වෙනුවෙන් ප්‍රතිජීවක ඖෂධ (ඇන්ටි බයිටික්) ලබාදීම අවශ්‍ය නොවන බවත් බැක්ටීරියා ආසාදන තත්ත්වයකදී පමණක් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම සඳහා යොමුවන ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

විශේෂයෙන් වෛරස් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන දරුවන් මුව ආවරණ පැලඳීම සඳහා යොමු කිරීම ද වැදගත්වනු ඇති බව සඳහන් කළ වෛද්‍යවරයා, එවැනි දරුවන් පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් වෙත නොයැවිය යුතු බවද පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment