රණ්ඩු නොවී මේ වසරේදීවත් එකතුවෙමු

63

දේශපාලනයේ රණ්ඩු වී බෙදීම් ඇතිකරගෙන මන්ත්‍රීවරයෙක් වියහැකි වුවත්, ඉන් රටට සිදුවන්නේ විනාශයක් නිසා සියලු දෙනා නව වසරේදීවත් රට ගොඩනැඟීමට එක්විය යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලෙස පත්වන විට රටේ ආර්ථිකය ඉතා පහළ මට්ටමක පැවැති බවත් ඒ මහතා ජනාධිපති වී මාස 18 ක් වැනි කෙටි කලකින් පැවැති තත්ත්වයෙන් රට මුදාගැනීමට හැකිවූ බවත් පෙරේදා (30 දා) ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේ පැවැති කර්මාන්ත ප්‍රදර්ශන අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවැසීය.

රට පැවැති තත්ත්වයෙන් මුදාගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා රනිල් වික්‍රමසිංහ මහතා තනි ආසනයකින් පාර්ලිමේන්තුවට පැමිණ අගමැති වී ජනාධිපති දක්වා ගිය බවත් ඒ මහතා කීය.

මේ වනවිට ඇතැම් සමාජ මාධ්‍ය ජනාධිපතිවරයා රට ගොඩනැඟීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ විවේචනය කරමින් සිටින නමුත් සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල එවැනි බොරු අපහාස කරන සමාජ මාධ්‍යවලට ඉඩ නොමැති බවත් වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment