රෙජිනෝල්ඩ් කුරේ ලෙඩ වුණේ මන්ත්‍රී සමග උණුසුම් වචන හුවමාරුවකින් පසුයි

345
  • බිරිඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලයි

වාද්දුව හෝටලයක පැවති දේශපාලන රැස්වීමක් අතරතුර හදිසියේ හෘදයාබාධයකට ලක්ව මියගිය හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඒ මහතාගේ බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය ඉල්ලා සිටියාය.

රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මරණය සම්බන්ධයෙන් කළුතර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ.කුමසාරු මහතා ඉදිරියේ ඊයේ දහවල් පැවති හදිසි මරණ පරීක්ෂණයේදී ඇය එසේ ඉල්ලා සිටියාය.

කුරේ මහත්මියට ප්‍රථම සාක්ෂි දුන් රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් ජේ.එම්. සෝමසිරි මහතාගේ සාක්ෂියෙන් පසු ඇය එසේ ඉල්ලා සිටියය.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු සිව්දෙනෙකු සමග ඇතිවූ උණුසුම් වචන හුවමාරුවකින් පසු කුරේ මහතා අසනීපවූ බව ජේ.එම්. සෝමසිරි මහාතා සාක්ෂි දෙමින් කියා සිටියේය.

ඒ අනුව කළුතර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරු මහතා පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා දේහය යොමු කළේය. කළුතර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ මෙහෙයවීමෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.

ආර්.ඒ.එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment