ආසියාවේ ඉදිරි දියුණුව ශ්‍රී ලංකාවට ගත හැකි එකම දොරටුව ත්‍රිකුණාමලයයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

52

ආසියාවේ ඉදිරි දියුණුව ශ්‍රී ලංකාවට දායාද කරගත හැකි දොරටුව ත්‍රිකුණාමලයයි. ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගෙන නැගෙනහිර සුවිශේෂී කර්මාන්ත හා කෘෂි, ධීවර කර්මාන්ත දියුණු කිරීමට රජය ක්‍රියාකරනවා. 1957 මගේ පියා පිලිප් ගුණවර්ධන මහතා කෘෂිකර්ම ඇමැති ලෙස චෙකොස්ලෝවේකියාවේ ආධාරයෙන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කළා. යළි අප ඒ ජාතික ආර්ථික මර්මස්ථානවලට යායුතුයි යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ත්‍රිකුණාමල දිස්ත්‍රික් වැඩසටහනේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

දැන් අලුත් අස්වැන්න වෙළෙඳපොළට එමින් තිබෙනවා. වඩා හොඳ මිලක් ප්‍රකාශයට පත්කර, අපේ ආයතන තරගයට වී මිලදී ගැනීමට අවතීර්ණවීම වඩා කාර්යක්‍ෂම කරන්න අදහස් ඉදිරිපත් වුණා. ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ ගැටලු ජනාධිපතිතුමා සමග විසඳගන්න පුළුවන් බව විශ්වාසයි. මාස දහයකට කලින් ගොවීන්ට ආහාර නිෂ්පාදනය සඳහා ඉඩ දෙන්න ඕනේ නිසා තිබුණු ගැටලු ගණනාවක් ලිහිල් කළා.

මේ අභියෝගය හරහා නැවත නැගී සිටිය හැකි මොහොතේ ජාත්‍යන්තර ප්‍රජාව සූදානම් අපිට සහාය දෙන්න. අත්හිටවූ ව්‍යාපෘති රාශියක අත්හිටුවීම ඉවත් කර ගන්න ජනාධිපතිතුමාට පුළුවන් වුණා. ඒ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට සූදානම් වෙන්න කියලා දන්වලා තිබෙන්නේ. දිසාපතිවරුන්ගේ සිට ප්‍රාදේශීය ලේකම්වරු දක්වා ඊට සහයෝගය දැක්වීමේ පෙර සූදානමක් අවශ්‍යයි. ආහාර සුරක්‍ෂිතතාවයට අදාල ව්‍යාපෘති සමග මේ ව්‍යාපෘතිත් සම්බන්ධයි.මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කපිල අතුකෝරාල, ඒ.එල්.එම්. අතාවුල්ලා, එම්. එස්. තවුෆික්, යාදාමිණී ගුණවර්ධන, ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා සංවිධාන නියෝජිතයන් සහභාගී වූහ.

උප්පුවේලි – කල්‍යාණි පී. නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment