ඇස්වහ කටවහ කැපෙන්න නිවැරදිව දෙහි කපන්න

154

විණ කටිනව කියන්නෙත් කෙනෙකුව අමාරුවේ දමන්න කරන ක්‍රියාවක්. ඒක ගුප්ත ශාස්ත්‍රයට අනුව සම්පූර්ණ වුණොත් විතරයි සම්පූර්ණ ප්‍රයෝජන ලැබෙන්නේ. බොහෝ ගුරුකම් අහක යන්නෙ නිවැරදිව නොකරන නිසා. දෙහි කැපීම, අළු පුහුල් කැපීම, හොඬල අල කැපීම, ඇස්වහ කටවහ නිසා ඇතිවන දෝෂ නැති කරන්න තිබෙන ගුරුකම්. මේ සියලුම ගුරුකම්වලින් කෙරෙන්නෙ ශරීරයේ රුධිරය කෝප වීම නැවැත්වීම. මේ ගුරුකම් විශේෂයෙන්ම වැඩිපුර කෙරෙන්නෙ උෂ්ණාධික ප්‍රදේශවල.

කටිනව කියන්නෙ සම්පූර්ණ කරනවා නැත්නම් නිම කරනව කියන එක. එදා විජය කුමාරයා ලංකාවේ තම්මැන්නාවට ගොඩබසින කොට කුවේණිය කපු කටිමින් හිටියේ. ඒ කිව්වේ ඇඳුමක් වස්ත්‍රයක් නිමකරමින් හිටියේ. ඇය ලස්සන පියකරු ස්ත්‍රියක් වුණාට ගෝත්‍රය යක්‍ෂ. රජ කුමාරයෙක් පවා වශී කරවන රූපශ්‍රීයක් තිබුණේ.

විණ කටිනව කියන්නෙත් කෙනෙකුව අමාරුවේ දමන්න කරන ක්‍රියාවක්. ඒක ගුප්ත ශාස්ත්‍රයට අනුව සම්පූර්ණ වුණොත් විතරයි සම්පූර්ණ ප්‍රයෝජන ලැබෙන්නේ. බොහෝ ගුරුකම් අහක යන්නෙ නිවැරදිව නොකරන නිසා. දෙහි කැපීම, අළු පුහුල් කැපීම, හොඬල අල කැපීම, ඇස්වහ කටවහ නිසා ඇතිවන දෝෂ නැති කරන්න තිබෙන ගුරුකම්. මේ සියලුම ගුරුකම්වලින් කෙරෙන්නෙ ශරීරයේ රුධිරය කෝප වීම නැවැත්වීම. මේ ගුරුකම් විශේෂයෙන්ම වැඩිපුර කෙරෙන්නෙ උෂ්ණාධික ප්‍රදේශවල.

දෙහි කැපීම මේ ගුරුකම්වලින් ප්‍රධාන තැනක් ගන්නවා. දෙහි කැපීමේදී සමහර අය එක එක විජ්ජා ක්‍රම භාවිත කරනවා ආතුරයා විමතියට පත්කරන්න. එහෙම කළාම මුදල් ටිකක් වැඩිපුර ලැබුණාට ශාස්ත්‍රය පිරිහෙනවා. ඒ වුණාට දෙහි කපනකොට කියන ස්තෝත්‍ර දිහා බැලුවාම නියම වැඩකාරයා වැටහෙනවා. හැම කෙනෙක්ගෙම ඇස් හා කට පාවිච්චි කිරීම යහපත් නැහැ. නපුරු චේතනාවකින් බැලුවත් යමක් කිව්වත් ඇස්වහ කටවහ ඇති වෙනවා. සුළු දෙයක් තමයි. නිවැරදි වේලාවට නිවැරදි දේ නොකළහොත් කොඩිවිනයක්ම තමයි. ඇස්වහ කටවහ කියන්නේ කවුරු හරි නපුරු කටකින් කියල හෝ නපුරු ඇසකින් බලලා කියන කරන දේටයි. මෙහෙම කිව්වාම ඒ කියපු කෙනාගේ ශරීරයේ වතුර බිබිලි වගේ එනවා. ඒ බිබිලි ටික ටික කලු පාටට හෑරිලා හවසට පිපිරෙනවා. ඊට පසු එතැන ‘පැපොල්’ රෝගය වගේ තුවාලයක් හට ගන්නවා. ඒක සුව වන්නෙ නැහැ. ඕකයි ඇස්වහ කටවහ කියන්නේ. අපි හිතමු සාරවත්ව ඵලදාව තිබෙන ගහක් දිහා බලල කිව්වොත් ඒ ගහේ ගෙඩි නරක්වෙලා වැටෙනවා. ඇස්වහ කටවහ ඒ තරමටම නරකයි. නපුරු ඇසක්, නපුරු කටක් තිබෙන කෙනෙක් තව කෙනෙක් දිහා බැලුවත් ඇති නපුරු චේතනාවකින්. විශේෂයෙන්ම පුංචි ළමයින්ගේ නලලේ ලොකු කලුපාට තිතක් තබන්නෙ ඒකයි. කරාබු දමන්න කන විද්දාම කරපිංචා නැට්ටක් දමන්නෙත් ඒකයි තවත් කෙනෙකුට නොපෙනෙන්න. හැම කෙනෙක්ම ඇස්වහ කටවහ කාරයො නොවෙයි. ඒත් අපි දැනගන්නෙ කොහොමද නේද? සාමාන්‍ය වශයෙන් මේ ශාන්ති කර්මය කිරීමට දකුණු පළාතේ ගුරු-ඇදුරො දක්‍ෂයි යන මතය අදත් පවතිනවා. ඒක බොහෝ අය ඉදිරියට ගෙන යනවා තමයි. ඒත් මුදල් ගැරීමේ අය හැර යන බවයි මගේ හැඟීම.

නම්වලින් නොකීවාට බොහෝ ජ්‍යොතිෂය කරන අයට ගුප්ත ශාස්ත්‍රයේ වැඩ බැහැ කියනවා විතරයි. රූපවාහිනියේ ජංගම දුරකතනයේ කියනවා තමයි. කරන්නෙ සම්පූර්ණ බොරුව. අපි ඔය වචනයට කියන්නෙ ‘අඩුම තරමින් දෙහි ගෙඩියක්වත් කපා ගන්න බැහැ’ කියලා. ඒ වුණාට ජ්‍යොතිර්වේදීන් ගුප්තවේදීන්.

සමහර ගුරුකම්වලදී කොඩිවිණ අනවින ගැන අහළ ඇති. කෙනෙකුට කිසියම් පාඩුවක් අපහාසයක් සිදුවුණොත් ඊට දෘෂ්‍යමානව පොලිසියකින් හෝ එවැනි ආයතනයකින් පිහිටක් නොවුණහොත් ඊට මෙම අනවිණ කොඩිවිණ කරනව තමයි. නමුත් ඇස්වහ කටවහ කරන්නෙම පූර්ණ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නිසාමයි. එනම් ඒකට අවශ්‍ය වන්නෙ දෙහි කැපීම විතරයි. ප්‍රශ්නය අවබෝධ කරගෙන ගුරුකම් තෝරාගන්ට ඕනෑ.

එකල මහා සම්මත රජ්ජුරුවන්ගේ අග බිසවට සිදු වුණා යයි කියන විනයක් සඳහා දෙහි කැපීම සිදුකළ බවත් ඒ දෙහි ගෙඩි නාගලෝකයෙන් ගෙන ආ බවත් මෙම යාගය සඳහා දෙහි ගෙඩි 7ක් ගෙන ආ බවත් පුරාණ වතගොතේ සඳහන් වනවා. මේ ආකාරයට දෙහි කපලා අඹ අත්තෙන් මැතිරීමක්ද කරලා අවසන් කරනවා. අපි ඒකට අත්තගහ මතුරනවා කියලා කියනවා. මේවා අලුතෙන් මෙම විෂය කරන අයට බැහැ. පරම්පරාවෙන් ගෙනෙන්නට ඕනෑ. සමහර අය මේ දෙහි මතුරන්නෙ නැතුව කපනවා. ඒසේ කිරීමෙන් කිසියම් හෝ ගුණයක් නොලැබෙන බවයි මගේ අදහස.

ගුප්ත ශාස්ත්‍රයට අයත් ගුරුකම් නිවැරදිවම නොකළොත් ඉන් ලැබෙන ගුණයත් සම්පූර්ණව ලැබෙන්නේ නැහැ. ඒ මේ ශාස්ත්‍රයේ හැටි. විශේෂයෙන් මේ වගේ ශාස්ත්‍ර කරනකොට ඉගෙන ගන්නවට වඩා කළ පුරුද්ද දුටු පුරුද්ද වැනි පුරුදු අත්‍යාවශ්‍ය වනවා. සමහර අය නිවැරදිව පූජා භාණ්ඩ එහෙම තබල මතුරලා හදිසියේ මතුරන පුටුවෙන් නැගිට යනවා. එතකොට කොච්චර වාර ගණනක් මැතුරුවත් ඒ මැතුරූ වාර ගණනින් පළක් නැති වනවා. එකවරම මතුරන්න ඕනෑ. හදිසියකින් මතුරන තැනින් නැගිටලා යනවා නම් ස්පුඨය ගහලා තාවකාලිකව යන්ට පුළුවන්. ඒවා කරන්න ඒ සියලුම මන්ත්‍ර ත්‍රන්ත්‍ර දැනගෙන සිටින්න ඕනෑ.

අනික තමයි වැදගත්ම කරුණ. දෙහි කැපීම සාමාන්‍යයෙන් කරන්නෙ ‘පුරතිථිය’ ඇති දිනයක. එතකොට වඩාත්ම යහපත් ප්‍රතිඵල ලැබෙනවා. අව තිථිය කියලා නොකපා ඉන්නෙ නැහැ. වැඩිපුර හොඳයි පුරතිථිය නම්. මොකද බොහොම කටයුතු ගුප්තවේදයේදී ජ්‍යොතිෂයේදී හඳත් සමග සාපේක්‍ෂව කරන්නේ. මේවා යහපත් වැඩ කියලයි ශාස්ත්‍රයේ සඳහන් කරල තිබෙන්නේ. දෙහි කපන කොට හිසේ ගිරේ තබල දෙහි තුනක් කපනවා. අනිත් හතර ශරීරයේ හන්දිවලට ගිරේ තබලයි කපන්නේ.

මොකද ස්ලෝකයේ සඳහන් වන්නෙ 800 සන්ධි, 900ක් නහර, 93න් කෙලක් ලෝම කියලනේ. අත්‍යාවශ්‍යම නොවුණත් සාමාන්‍යයෙන් වසර 3-4 කට වරක් දෙහි ටිකක් කපා ගන්නවා නම් හොඳයි. දෙහි කපලා අත්තගහ මතුරලා නූලක් දාගත්තා නම් ඔය කිසි කරදරයක් නැතුව යහපත් ජීවිතයක් ගත කරන්න හැකි වේවි.

ඇස්වහ කටවහ කැපෙන්න නිවැරදිව දෙහි කපන්න

පාරම්පරික ජ්‍යොතිෂවේදී/ගුප්ත විද්‍යා
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
මොරටුව
077 987 0007 – 072 217 4553

advertistmentadvertistment
advertistmentadvertistment