බදු දැලෙන් රිංගා යෑමට අදින් පසු කාටවත් බැහැ- ආශු මාරසිංහ

189

බදු නොගෙවන කිසිදු සමාගමකට බදු දැලට හසුනොවී සැඟවී සිටීමට අද (01 දා) සිට ඉඩ නොතබන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා පැවසීය.

බදු ගෙවන්නේ කවුද, බදු නොගෙවන්නේ කවුද යන්න විමර්ශනය කිරීමට ක්‍රමවේදයක් සකසා තිබෙන බව ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙරේදා (30 දා) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව 2023 අපේක්ෂා කළ බදු ආදායම රුපියල් බිලියන 2850 ක් වුවත් එය ඉක්මවා බිලියන 3000 දක්වා යෑමට හැකි තත්ත්වයක පවතින බව පැවසූ ඒ මහතා, ජනාධිපතිවරයාගේ දක්ෂ ආර්ථික කළමනාකරණය සමඟ මේ තත්ත්වය ඇති කරගත් බවත් ටි්‍රලියන තුනක් එකතු කර ගැනීම විශාල ජයග්‍රහණයක් බවත් කියා සිටියේය.

ආයතන 27 ක් බදු ෆයිල් හංගන ව්‍යාපෘතියක සිටින බවත්, එම ආයතන පිළිබඳ විමර්ශනය කරමින් සිටින බවත් පැවසූ ආශු මාරසිංහ මහතා ඇතැම් අය එයට කලබල වී ඇති බවත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment