කල්‍යාණි ධර්ම විද්‍යාලයේ තෑගි ප්‍රදානෝත්සවය

74

කැලණිය රජ මහා විහාරස්ථ ශ්‍රී කල්‍යාණී ධර්ම විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (09) පෙරවරුවේ පූජ්‍ය තලේවෙල විජිත ධම්මරක්ඛිත නාහිමි අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි. එහිදී කැලණි රජ මහා විහාරයේ වසරේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස සඳසි දිලාරා, දක්ෂතම ශිෂ්‍යයා ලෙස සිතුම් ඉන්ද්‍රචාප, ආදර්ශමත් ශිෂ්‍යාව ලෙස අපූර්වා උදානි, ආදර්ශමත් ශිෂ්‍යයා ලෙස යොශාන් අවිශ්ක, හොඳම ශිෂ්‍යාව ලෙස චාන්දාරා හරිනාක්ෂි සහ හොඳම ශිෂ්‍යයා ලෙස ගිහාන් කවිඳු යන සිසු සිසුවියන් බස්නායක නිළමේ තැන්පත් ධම්මික ආටිගල මහතා අතින් ත්‍යාග සහතික පත් ලබා ගන්නා ලදී.

කල්‍යාණි ධර්ම විද්‍යාලයේ තෑගි ප්‍රදානෝත්සවය

උත්සවයේ අති විශේෂ අවස්ථාව වූ 2022 වසරේ අති විශිෂ්ඨ ශිෂ්‍යයාට පිරිනැමෙන මණිඅක්ඛිත නාගරාජ අභිස්තව රන් පදක්කම මිහිදුම් ජයලංකා අනුරාධ සිසුවා වෙත කැලණිය රජ මහා විහාරාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අග්ග මහා පණ්ඩිත පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් අතින් පිරි නැමුනු අතර 2022 වසරේ අති විශිෂ්ට ශිෂ්‍යයාවට පිරිනැමෙන හෙලේනා විජයවර්ධන මැතිණිය අනුස්මරණ රන් පදක්කම ඒෂිනි ෂෙනුකා අමන්දි සිසුවිය වෙත කැලණි රජ මහා විහාරයේ බස්නායක නිළමේ ධම්මික ආටිගල මහතා අතින් පිරිනැමිනි.

ඡායාරූප – වාසල සේනාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment