මහාචාර්ය ප්‍රියානි සොයිසා අභාවප්‍රාප්ත වේ

430

වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට ප්‍රථම මහාචාර්යවරිය වන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානිත මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මියයන විට 97 වැනි වියේ පසුවූ ප්‍රියානි සොයිසා මහත්මිය දේශමාන්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබ තිබේ.

ළමා වාට්ටුවල දරුවන් කැටුව මව්වරුන්ට සිටීමට අවස්ථාව සලසාදීම, ප්‍රසූත නිවාඩු කාලය මාස 3 ක් දක්වා ලබාදීම සඳහා කටයුතු කිරීම, මව්කිරි දීම ප්‍රවර්ධනය, පෝලියෝ රෝගය තුරන් කිරීමේ ව්‍යාපෘතියට මෙන්ම ළමුන්ගේ පෝෂණය පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කිරීම ඇය මෙරට ළමා පරපුර වෙනුවෙන් කළ සුවිශේෂී මෙහෙවර අතර වේ.

අභාවප්‍රාප්ත ප්‍රියානි සොයිසා මහත්මියගේ දේහය බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු අද (10දා) පස්වරු 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment