අප‍්‍රිකානු හිටපු ජනපති සුමා දින පහක් තුළ පොලිසියට භාර විය යුතුයි… නැත්නම් අත්අඩංගුවට ගනු

232

දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනපති ජේකබ් සුමාට අධිකරණයට අපහාස කිරීම ගැන මාස 15 ක සිරදඬුවමක් නියම වී ඇත.
 
 ඔහු දින පහක් තුළ පොලිසියට භාරවිය යුතු බව අධිකරණය නියෝග කර තිබේ.
 
 එසේ නොකළහොත් සුමාව අත්අඩංගුවට ගන්නැයි අධිකරණය පොලිසිය භාර ඇමැතිවරයාට නියෝග කර ඇත.
 
 අල්ලස් චෝදනා එල්ල වූ සුමාගේ පාලනය 2018 දී අවසන් විය.
 
 තමාට එල්ල වූ චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීම සඳහා එක්වරක් පමණක් පැමිණි සුමා ඉන්පසු පැමිණියේ නැත.
 
 වැඩබලන අගවිනිසුරුවරිය වූ සිසි කහට්සේනේ පැවසුවේ සුමා අධිකරණය හමුවට නොපැමිණීමෙන් අධිකරණයට අවමන් කර ඇති බවයි.
 
 තමාට නියම වූ සිරදඬුවම ගැන සුමා පැවසුවේ එය දේශපාලන විරුද්ධවාදීන්ගේ කුමන්ත‍්‍රණයක් බවයි.
 
 මේ අතර හිටපු ජනපතිට නියම වූ සිරදඬුවම නිසා අපි‍්‍රකානු කොන්ග‍්‍රසය තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇති වී ඇත.
 
 සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment