ඖෂධ ආනයනයට සීමාවක් පනවා නැහැ

87

ඖෂධ ආනයනය සඳහා සීමාවක් පනවා නැතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.

එසේම ආනයන සීමාකර ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අතරට ඖෂධ අයත් නොවන බව ද හෙතෙම සඳහන් කරයි.

මේ අතර ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඖෂධ මිල වැඩි කිරීමට ඖෂධ ආනයනකරුවන්ට හෝ නිෂ්පාදකයන්ට නොහැකි බවය. ඒ සඳහා කටයුතු කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව බවත් ඇමෙරිකානු ඩොලරයේ මිල ඉහළ යෑමට සාපේක්ෂ ඖෂධ මිල වැඩි කිරීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment