ඩොලර් බිලියන 36.3ක විදෙස් ණය ගොඩ ගැසේ

484

රජය විසින් ලබාගත් විදේශ ණය යටතේ මෙම වර්ෂයේ අප්‍රේල් මස 30 වැනිදා වන විට ආපසු ගෙවීම සඳහා එකතු වී ඇති විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 36.3ක් බව ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

රජය විසින් අනුගමනය කරනු ලැබූ අතුරු ප්‍රතිපත්තියට අනුකූලව ද්විපාර්ශ්වික හා වාණිජ ණය හිමියන්ගේ විදේශ ණය ගෙවීම 2022 වර්ෂයේ අප්‍රේල් මස 12 වැනිදා සිට අත්හිටුවනු ලැබීය. ඒ අනුව 2022 වර්ෂයේ අප්‍රේල් මස 12 වැනිදා සිට 2023 වර්ෂයේ අප්‍රේල් මස අවසානය දක්වා නොපියවා ඇති ණය වාරික ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3691ක් බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. ඒ සඳහා ගෙවිය යුතු පොලී ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1301කි.

කෙසේවුවද දැනට පළ කර ඇති එකඟතා අනුව ඉදිරි වර්ෂ තුනත් පහත් අතර කාලයේ දී විවිධ සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන්වල උපයෝජනය වීමට නියමිතව ඇති විදේශ මුල්‍යයනවල එකතුව මෙම වර්ෂයේ අප්‍රේල් මස 30 වැනිදා වන විට ඩොලර් බිලියන 6.3කි. මින් ඉහළම ණය ප්‍රමාණය චීනය විසින් ලබා දීමට නියමිතව ඇති අතර ඉතිරි මුදල් ජපානය, ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දියාව හා ලෝක බැංකුව විසින් ලබා දීමට නියමිතව ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment