දරුවන් උදෑසන ආහාර රැගෙන එද්දී පැල් රකිමින් සිටි පියා අලියෙකු පහරදී මරාදාලා

477

සියඹලෑව, ගල්ගමුව ලිපිනයේ පදිංචි ඒ. එච්. අබේරත්න නමැති 42 සිව්දරු පියෙකු ඊයේ (12 දා) අලුයම වල් අලියකු පහර දීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ දින තම කුඹුරෙහි තිබූ ගොයම් කපා ඇති අතර තවත් ලියැදි කිහිපයක් කැපීමට ඉතිරිව තිබීම නිසා ඔහු රාත්‍රීයේ පටන් තම කුඹුරෙහි ඇති බිම් පැලහි පැල් රැක තිබේ. අද අලුයම පැමිණි වල් අලියකු මොහුව පැලෙන් ඉවතට ගෙන ඇදගෙන ගොස් පාගා ජීවිතක්ෂයට පත් කොට තිබේ. උදෑසන දරුවන් ආහාර රැගෙන කුඹුරට පැමිණි අවස්ථාවේ තම පියා මරණයට පත්ව ඇති අයුරු දැක තිබේ.

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම වසර තුළ වන අලි පහරදීමෙන් මිය ගිය පස්වන ගොවි මරණය ලෙස මෙම මරණය වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් කිසිවකුගෙත් අවධානය යොමු නොවීම ඉතාමත් ඛේදනීය තත්වයකි. තවත් දරුවන් සිව් දෙනකුට තම පියා අහිමිවීම පමණක් නොව ඔහුන්ගේ අනාගතයද මේ අලි මිනිස් ගැටුම නිසා අර්බුදයකට ලක්වී හමාරය.

කුමා රණසිංහ – ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment