ගිය වසරේ රට වටෙන්ම ඩෙංගු ලෙඩ්ඩු අසූඅටදහසක් – මරණ 62 ක්

44

ගතවූ 2023 වර්ෂය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් අසූඅටදහසක් (88,000) වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම කාලය තුළ ඩෙංගු මරණ 62 ක් වාර්තාවී ඇතැයිද එම ඒකකය පවසයි.

වැඩිම ඩෙංගු රොගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 39,000 කට අධික බවත් එම ඒකකය කියයි.

මීට අමතරව මධ්‍යම පළාතෙන් 11,223 දෙනකුද, උතුරු පළාතෙන් 7598 දෙනකුද, නැගෙනහිර පළාතෙන් 7067 දෙනකුද, සබරගමුව පළාතෙන් 6890 දෙනකුද ආදී වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බවද එම ඒකකය කියයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment