මට වගේම සජිත්ටත් නලින්ටත් දඬුවම් දෙන්න – සනත් නිශාන්ත කථානායකට ලියයි

325

පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම තමාට සති දෙකක කාලයක් සඳහා තහනම් කළ ආකාරයෙන්ම එදින ස්ථාවර නියෝග කඩ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ නලින් බණ්ඩාර මහතාට ද දඬුවම් ලබා දෙන මෙන් ඉල්ලා රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා කථානායක වෙත ලිපියක් යොමුකර තිබේ.

එම දින පාර්ලිමේන්තු සභාගර්භයේ දී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කනගාටුව පළ කරන බව ද එය සිදුනොවිය යුත්තක් බව තමා ද විශ්වාස කරන බව අදාළ ලිපියේ දක්වා තිබේ.

එම තත්ත්වයට පත්වීමට හේතු කාරණා කිහිපයක් තමාට ඇති බව ද සනත් නිශාන්ත මහතා විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති ලිපියේ සඳහන්ය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment