ජනපති සහ විපක්‍ෂ නායක මහියංගන පුදබිමේ…..

361

මිසදුටුවනට දහම පහදන්න වඩිනු මැනවි බුදු සමිඳුනි!

ඓතිහාසික මහියංගන පූජාභූමියේ විල්ලුවපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉදිකළ අඩි 102ක් පමණ උසින් යුත් ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම, ප්‍රතිසංස්කරණය කරන ලද මහියංගන රාජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීම, පුදබිමේ උඩමළුව වටා ඉදිකළ වලාකුළු බැම්ම විවෘත කිරීම සහ මහියංගනය පූජා භූමියක් වශයෙන් නීතිගතකොට ඒ පිළිබඳව ශ්‍රී සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම පෙරේදා සවය (28 වැනිදා) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඤාණරතන මාහිමිපාණන් වහන්සේ ඇතුළු අස්ගිරි මල්වතු උභය මහා විහාරයේ අතිපූජ්‍ය අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමකර සිටියහ.

පසුපස ආධාරකයක් නොමැතිව අහසින් වඩින ඉරියව්වෙන් නිමැවුණු ලක්දිව මෙන්ම ආසියාවේ ද උසම හිටි පිළිමය වන්නේ විල්ලුව වැව මධ්‍යයේ ඉදිවුණු මෙම මෙත්සවිය සම්බුද්ධ ජයන්ති ප්‍රතිමා වහන්සේ බව මෙත්සවිය සභාපති මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක සහ මහියංගණය රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment