‘අයිඑම්එෆ් එකට වඩා ලංකාවට ඉන්දියාව සැලකුවා’ – ඉන්දීය විදේශ ඇමැති සමුළුවකදී කියයි

199

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වඩා වැඩි යමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් මහතා ප්‍රකාශ කර තිබේ.

“අද අපි බලගතු සහ අභිලාෂකාමී ඉන්දියාවක් වෙනුවෙන් කටයුතු කරනවා. එහිදී අපේ අසල්වැසි රටවලට විය යුතු දේ කරනවා” …. යනුවෙන් ඉන්දීය විදේශ ඇමැතිවරයා …..

‘මෝදිගේ ඉන්දියාව: නැගී එන බලය’ මැයෙන් පැවති සමුළුවකදී පවසා තිබේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව ඉතා ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් විට ඉන්දියාව බෙහෙවින් උදව් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට කරපු දේට වඩා අපි ලංකාවට කරපු දේ ලොකුයි. එය පැහැදිලි සත්‍යයක් යැයිද ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා එහිදී පවසා ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment