මාධ්‍යවේදීන් ඝාතන සිද්ධියට නෙදර්ලන්ත අධිකරණයේදී පසුගිය රජය වැරදිකරු වෙයි

414

ශ්‍රී ලංකාවේ සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනයට සහ අතුරුදන් කිරීමට ශ්‍රී ලංකාවේ පසුගිය රජය වරදකරු යැයි නෙදර්ලන්තයේ හේග් නුවර මහජන අධිකරණය විසින් තීන්දු කර ඇත.

මෙම නඩුවේ ප්‍රධාන සාක්කිකරු වූයේ රහස් පොලිසියේ හිටපු පරීක්ෂක නිශාන්ත ඒබි්‍රයන් සිල්වායි. ගුවන් හමුදාවට මිග් යානා මිලට ගැනීම සම්බන්ධව මාධ්‍යවේදියකු ඝාතනය වී ඇති බවත් ජංගම දුරකථන කුළුනුවල සටහන් වූ අංකවලින් තොරතුරු හෙළි වූ බවත් ඔහු සාක්කි දෙමින් පැවසීය. මෙම ඝාතනවල වගකිවයුත්තා හමුදාවේ ටි්‍රපොලි අනුඛණ්ඩය බව ද හෙතෙම වැඩිදුරටත් හෙළි කර ඇත.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කිසිදු නීතිවේදියෙක් මහජන අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment