2600ක් රස්සාවෙන් දොට්ට දාන කතා බොරු – රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර

148

රැකියා ලක්ෂයක් ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ බඳවා ගත් 2600කගේ සේවය මාර්තු 31 අහෝසි කරන බවට පවතින ප්‍රචාරයන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බව රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවැසීය.

එම ව්‍යාපෘතිය යටතේ බඳවා ගත් 29,600ක් අතරින් 27,000කගේ සේවය මේ වනවිටත් ස්ථිර කර ඇති බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා ඉතිරි 2600ක පිරිස විශ්‍රාම ලබාගන්නා සේවකයන් වෙනුවට අනුයුක්ත කිරීමට සහ රෝහල් සහ පාසල්වල අත්‍යවශ්‍ය තනතුරු ඇති කර අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන බවත් පැවැසීය. ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව රෝහල් සහ පාසල්වල අත්‍යවශ්‍ය තනතුරු ඇති කිරීම සඳහා කටයුතු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට උපදෙස් ලබාදීමට කටයුතු කරන බවයි. රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා (19දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ බව පැවැසීය.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment