විදුලි බිල වැඩි වීමෙන් අසරණ වූ කතරගම ආපන ශාලා හිමියෝ ජල බිල වැඩිවීමෙන් කබලෙන් ළිපට

52

ජීවනෝපාය හමුවේ අසරණවූවෝ දුක කියති

විදුලි බිල වැඩි වීම හමුවේ කතරගම නවාතැන්වල මිල ඉහළ නොදමා ඉතාම අපහසුතාවයෙන් පවත්වා ගෙන ගිය ජීවන උපාය මාර්ගය ජල බිල වැඩිවීම හමුවේ තවත් අසරණ වූ බව කතරගම විශ්‍රාම ශාලා හිමියෝ පවසති. කතරගම ජීවත් වන ජනතාව ගෙන් සියට හැටක් පමණ නවාතැන්,වන්දනාකරුවන්ට ලබා දී ජීවත්වෙති.

මෙයට අමතරව රජයේ සහ පෞද්ගලික අංශයේ විශ්‍රාම ශාලා සහ නිවාඩු නිකේතන 1000 කට වැඩි ප්‍රමාණයක් කතරගම සහ තිස්සමහාරාම ප්‍රදේශයේ පවතී. පවතින අධික උෂ්ණත්වය මත වන්දනාකරුවන් කාමර තුළ විදුලි පංකා ක්‍රියා කිරීමට පියවර ගැනීම මත අධික විදුලි බිලක් ගෙවමින් තමන් අපහසුතාවට පත්ව සිටින බව ඔවූහු පෙන්වා දෙති.

එවන් අසීරු මෙහෙතක ජල බිල වැඩිවීම හමුවේ විශ්‍රාම ශාලා පවත්වා ගෙන යෑමට නොහැකි බව නවාතැන් පොළවල් හිමියෝ සඳහන් කරති.

මේ වන විටත් වන්දනාකරුවන් වැඩි පිරිසක් පවතින ආර්ථික අපහසුතාවයෙන් මත නවාතැන් නොගෙන නිවසින් රැගෙන එන ආහාර අනුභව කර එක් දිනකින් පුදබිම වන්දනා කර යෑමට හුරු වී සිටිති. විදුලි බිල සහ ජල බිල වැඩිවීම හමුවේ කතරගම ප්‍රදේශයේ නවාතැන් පොළවල් රැසක් මේ වන විටත් වැසී ඇත. මෙයට අමතරව පෞද්ගලික අංශයේ විශ්‍රාම ශාලා විකිණීම පිණිස දැන්වීම් පවා ප්‍රදර්ශනය කර තිබේ. මෙම අධික විදුලි බිල සහ ජල බිල වැඩිවීම මත කාමර වල මිල ඉහළ දැමීම සිදු කළ යුතු වුවත් එසේ කළේනම් වන්දනා බැතිමතුන් වැඩි මුදලක් ගෙවා නවාතැන් වල රැදීම ප්‍රතික්ෂේප කරන බව විශ්‍රාම ශාලා හිමියෝ මැසිවිලි නඟති.

කතරගම – කේ.ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment