රිදීමාලියද්ද සභාපතිගේ නිල රථයට පොලු මුගුරු ප්‍රහාරයක්

237

රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ජයසුන්දර මහතාගේ නිල රථයට පෙරේදා (05දා) රාත්‍රි 07.00 ට පමණ පොලු මුගුරු ප්‍රහාරයක් එල්ලවී ඇත. සභාපතිවරයා ආඳාඋල්පොත 13 කණුව ශ්‍රී චන්දානන්දාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති සෙනවිගම විමලානන්ද හිමියන් බැහැදැක නැවත පිටත්වීමට තම නිල රථයට ගොඩවූ අවස්ථාවේ විහාරස්ථානයේ සිටි දෙදෙනකු විසින් නිල රථයට මෙසේ පොලු මුගුරුවලින් පහරදී ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පවසයි.

තමා නිවසට යෑම සඳහා නිල රථයට ගොඩවී දුරකථන ඇමතුමක් ගන්නා අවස්ථාවේ ආඳාඋල්පොත බටුයාය ප්‍රදේශයේ පුද්ගලයකු සහ තවත් පුද්ගලයකු රථයට පහරදුන් බවත් එම අවස්ථාවේ තමා වාහනය පණ ගන්වාගෙන පොලිසියට පැමිණි බවටත් සභාපතිවරයා රිදීමාලියද්ද පොලිසියට පැමිණිලි කර ඇත. සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නැතැයි ද, සභාපතිවරයාට අනතුරක් සිදුවී නැති අතර නිල රථයට දැඩි අලාභ හානි සිදුවී ඇතැයි ද පොලිසිය පවසයි.

පහරදීමට සම්බන්ධ පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පවසයි.

මහියංගණය – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment