අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයෝ හයක් අත්අඩංගුවට

20

යාපනය වඩමරච්චි මාමුනේ මුහුදේ අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් හා මුහුදු බෙල්ලන් අල්ලමින් සිටි දේශීය ධීවරයන් හය දෙනකු නාවික හමුදාව විසින් 18 දා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 1800 ක් පමණ අඩංගු කළ පොලිතීන් උර 12 ක් හා මුහුදු බෙල්ලන් 800 ක් පමණ අඩංගු කළ පොලිතීන් උර 8 ක් ද නාවික හමුදාව විසින් සොයා ගෙන තිබේ.

යාපනය වෙත්තිලකර්ණී නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මේ සැකකරුවන් හය දෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගෙන් කිසිවෙකුටත් ධීවර කටයුතුවල නිරත වීම පිණිස ධීවර හැඳුනුම්පතක් පවා නොතිබූ බව නාවික හමුදාව පැවසීය.

එම හය දෙනා නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීමට භාවිත කරන ලද බෝට්ටුව හා දැල් ආම්පන්න ඇතුළු උපකරණ රැසක්ද නාවික හමුදා බාරයට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බෝට්ටුව නාවික හමුදා භාරයේ තබාගෙන සැකකරුවන් හා ධීවර ආම්පන්න යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බාර දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment