ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියේ නෑ මහින්දලාගෙන් ප්‍රශ්න කරන්න ජිනීවා කොමිසමට බෑ – ප්‍රතිභා මහානාම

215

ශ්‍රී ලංකාව රෝම ප්‍රඥාප්තියට අත්සන් කර නොමැති බැවින් සුදු කොඩි ඔසවාගෙන යටත්වීමට පැමිණි බව පවසන කොටි නායකයන් ඝාතනය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයකුගෙන් මානව හිමිකම් කොමිසමට ප්‍රශ්න කළ නොහැකි බව මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.

මහානාම මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ සුදු කොඩි ඔසවාගෙන යටත් වීමට පැමිණි කොටි නායකයන් ඝාතනය කළේ යැයි චෝදනා කරමින් මහින්ද රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කළ යුතු බවට යස්මින් සුකා කර අති ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමිනි.

මෙරට පුරවැසියන්ගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා තිබෙන අධිකරණවලට පමණයි. යස්මින් සුකා මේ සූදානම් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස් නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටුවා තිබෙන අන්තර්ජාතික යුද අපරාධ අධිකරණය හමුවට ගෙනියන්න. නමුත් ඒ සඳහා මානව හිමිකම් කොමිසමෙන්, එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයෙන්, ආරක්ෂක කවුන්සිලයෙන් යෝජනාවක් සම්මත විය යුතුයි. එබඳු යෝජනාවක් සම්මත වී නොතිබියදී යස්මින් සුකා එබඳු ප්‍රකාශයක් කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි යැයි මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment