අද හෙට ලයිට් කැපිල්ල දවල්ට විතරයි

152

අද (26 දා) සහ හෙට (27 දා) දිවා කාලයේදී පමණක් විදුලිය කපාහරින බවත් රාත‍්‍රි කාලයේදී විදුලිය කපා හැරීමක් සිදු නොවන බවත් ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව A B සහ C කාණ්ඩවල අද දහවල් කාලයේ පැය 3 ක විදුලි කප්පාදුවක් ද අනෙකුත් කලාපවලට පැය දෙහහමාරක විදුලි කප්පාදුවක් ද සිදුවන බව එම කොමිසම කියයි. එසේම හෙට ඉරිදා දිනයේ A B සහ C‍ කලාපවල දහවල් කාලයේදී පැය දෙකමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය. නමුත් හෙට අනෙක් කලාපවල විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවද එම කොමිසම කියයි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment