ඉම්රාන් රටින් පිටවීම තහනම් කරන ඉල්ලීමක් අධිකරණයට

326

රටින් පිටවීම තහනම්වූ ඉම්රාන් ඛාන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානීන්
 
 අගමැති ලෙස නම්වූ ෂෙබාස් ශරීෆ්
 
 ඉම්රාන් ඛාන් යළි අගමැති කරනු ලන්ඩන් නුවර පකිස්තාන ජනතාව ඉල්ලති
 
 නව අගමැති ලෙස නම් වූ  ෂෙබාස් ශරීෆ්ටත් දූෂණ චෝදනා

ඉම්රාන් රටින් පිටවීම තහනම් කරන ඉල්ලීමක් අධිකරණයට

පාකිස්තානයේ 22 වැනි අගමැති ලෙස ෂෙබාස් ශරීෆ් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය මැතිවරණ කොමිසම පිළිගෙන ඇත.

 ඊට එරෙහි ඉදිරිපත් වූ විරෝධතාවයක සඳහන් වූයේ ෂෙබාස් ශරීෆ් දූෂණ චෝදනාවකට සිරගත වූ අතර මාස 10 කට පසු ඇපමත නිදහස් වූ බවයි. මේ අතර හිටපු අගමැති ඉම්රාන් කාන්ට රටින් පිටවීම තහනම් කරන පෙත්සමක් ඉස්ලාමාබාද් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. ඔහුගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානීන් 7 කට රටින් පිටවීම තහනම් වී ඇත.ඉම්රාන් කාන් සම්බන්ධයෙන් මෙතෙක් අධිකරණය තීරණයක් ගෙන නැත. රටින් පිටවීම තහනම් වූ පිරිස අතර පාකිස්තාන් පීටීඅයි ප්‍රවෘත්ති සේවාවේ සහ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානීන් දෙදෙනකුවේ. මේ අතර පාකිස්තානයේ සියලුම ගුවන්තොටුපළවල්වල ආරක්‍ෂාව තර කර ඇත. හිටපු අගමැති ඉම්රාන් සිය නිල නිවසින් ද ඉවත් වී ඇත. තමාව බලයෙන් ඉවත් කිරීමට ඇමරිකානු කුමන්ත්‍රණයක් දියත් වූ බව ඔහු ප්‍රකාශ කර තිබේ.

 පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් යළි අගමැති ධූරයේ පිහිටුවන ලෙස ඉල්ලමින් ලන්ඩන් නුවර පාකිස්ථාන් ජනතාව උද්ඝෝෂණයක නිරත වී ඇත. මෙම විරෝධතාවය හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ නිවස ඉදිරියේ පැවතුනි. පකිස්ථානයේ නව අගමැති ලෙස ෂරීෆ්ගේ බාල සොහොයුරු සෙබාස් ෂරීෆ් පත්වෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment