පුනර්ජනනයට පිටුපෑමෙන් බිලියන 5කට ‘කරන්ට්’ වදී

141

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පුනර්ජනනීය බලශක්ති බලාගාර ක්‍රියාත්මක කිරීමේ සැලසුමට අනුව කටයුතු නොකිරීම නිසා ඉකුත් වර්ෂයේ දී (2022) රුපියල් බිලියන 5ක් වටිනා ගිගාවෝට් පැය 60.33ක අතිරේක විදුලි බලයක් මිල දී ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

විදුලි බල පනතේ වගන්තිවලට පටහැනිව නියාමකගේ බලය ලබා නොගෙන උත්පාදන බලපත්‍රයක් ලබා නොගත් විශ්‍රාමලත් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් තිදෙනකුගෙන් මේ අයුරින් අතිරේක විදුලිය මිල දී ගෙන තිබුණි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් කොන්දේසි සහිතව අනුමැතිය ලබා දී තිබූ අවම පිරිවැය දිගුකාලීන ජනන පුළුල් කිරීමේ සැලැස්මට අනුව (2022-2041) ඉකුත් වර්ෂයේ දී (2022) මෙගාවොට් 544ක ධාරිතාවයකින් යුතු නව පුනර්ජනනීය බලශක්ති බලාගාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි. එහෙත් ඉකුත් වර්ෂයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත්තේ මෙගාවොට් 211ක ධාරිතාවයකින් යුතු නව පුනර්ජනනීය බලශක්ති බලාගාර පමණක් බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මේ නිසා බිලියන 5ක් වටිනා අතිරේක විදුලිබලයක් මිල දී ගැනීමට සිදුවී තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment